දෙවෙනි වතාවටත් කොරෝනා ආසාදනය වූ ජපන් කාන්තාවක්

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනොම් ගෙබ්රේසස් පවසයි. මේ වන විට රටවල් ගණනාවකම වැඩකටයුතු කොරෝනා වෛරසය හේතුවෙන් අඩපණ වී තිබේ.

ජපානය සහ ඉරාකය පාසල් වසා දැමීමට නියෝග කර ඇත – චීනය සහ හොංකොංහි ප්‍රධාන භූමි ප්‍රදේශයකද පාසැල් වසා දමා ඇත.

සෞදි අරාබිය විදේශීය බැතිමතුන් රට තුළට ඇතුළු වීම වළක්වයි. මේ වසරේ ජූලි මාසයේ ආරම්භ වන හජ් වන්දනා ගමනට එය බලපානු ඇති බවට සැක කෙරේ.

රට තුළ නිකරුනේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඉරානය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින අතර ටෙහෙරානයේ සහ වෙනත් නගරවල සිකුරාදා අවලංගු කළේය.

ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් චීනයෙන් පැමිණෙන විදේශීය සංචාරකයින්ට තහනමක් පනවා තිබේ. පුද්ගලයන් 17 දෙනෙකු මියගිය ඉතාලිය නගර 11 ක් නිරෝධායනය කර තිබේ. ග්‍රීසිය සියළුම සැණකෙළි කටයුතු අවලංගු කරයි.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාධිතව සුවය ලබා යළිත් එම රෝගයට ගොඳුරුවූ කාන්තාවක් පිළිබඳව ජපානයෙන් වාර්තා විය.

කොවිඩ් 19 වෛරසයෙන් මේ වන විට ලොව පුරා රටවල්වලින් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 2858ක් දක්වා ඉහළ ගොස් ඇත..

ඊයේ දිනයේදී දකුණු කොරියාවෙන් තවත් මරණයක් වාර්තාවී ඇති අතර ඒ සමග එරටින් වාර්තාවූ මුළු මරණ සංඛ්‍යාව 13දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.