දේශපාලන කඹ ඇඳිල්ලෙන් බැටකන ඌව ගුරු විභගය සමතුන්!

samanth-vidyarathnaඌව පළාත තුළ ගුරු හිඟය පියවීම සඳහා රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමට පැවති විභාගයේ ප්‍රතිඵල නිකුත්වී දැනට වසරක් සපිරිව තිබියදීත් දේශපාලන අධිකාරියේ කඹ ඇදිල්ල නිසා තවමත් එම පුරප්පාඩු පුරවා නැත.

පවත්වන ලද විභාගයේ අක්‍රමිකතා ඇතැයි පවසමින් ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරතන මහතා ඇතුළු උපාධිධාරීන් පිරිසක් නඩුවක් පවරා ඇත. එය දඩමීමා කරගනිමින් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා මේ ගැටළුව මගහරිමින් සිටින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීන් විසින් මීට එරෙහිව මැයි මස 03 වෙනිදා සිට උපවාසයක් දියත් කොට තිබෙන බවත් මේ වන විට සිව්දෙනෙකු රෝහල් ගත කර සිටින බවත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන් පෙන්වා දෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.