දොස්තරලා කලිසම් ඉරාගෙන නිලවරණ පවත්වති

doctorsකොළඹ ජාතික රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ශාඛා සංගමය නැවත ආරම්භ කිරීමේ අරමුණින් පැවැති රැස්‌වීමේදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වයෙන් පසු පහරකෑමට ලක්‌ වූ බව කියන විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු තිදෙනකු (23වැනිදා) රාත්‍රි මරදාන පොලිසියට පැමිණිලි කර ඇත.

වෛද්‍ය නිලධාරීන්ගේ ශාඛා සංගමය නැවත ආරම්භ කිරීමට සහභාගි වූ වෛද්‍යවරුන් පිරිසක්‌ සහ ඊට විරුද්ධ වූ වෛද්‍යවරුන් පිරිසක්‌ අතර මෙම උණුසුම් තත්ත්වය හා ගුටිබැට හුවමාරුව රෝහලේ වෛද්‍ය නේවාසිකාගාර පරිශ්‍රයේදී සිදු වී තිබිණි.

පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබූ අතර, පැමිණිලි කළ වෛද්‍යවරුන් තිදෙනා දෙපාර්ශ්වයටම අයත් වෛද්‍යවරුන් බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.

පැමිණිල්ල සම්බන්ධයෙන් මරදාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සරත් පෙරේරා මහතාගේ උපදෙස්‌ මත විමර්ශන සිදුකර මතු ආරක්‍ෂාව සඳහා පැමිණිලි කර තිබීම සැලකිල්ලට ගෙන සමථ මණ්‌ඩලය වෙත එම පැමිණිලි යොමු කිරීමට අපේක්‍ෂා කරන බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.