ව්‍යාපාරික ධම්මික පෙරේරා ජනාධිපති තරග බිමෙන් විසිවෙයි

සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති තරඟයට එක්වන බව පසු ගියදා වාර්තා විය. මේ පිළිබඳව අමාත්‍ය රවුෆ් හකීම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කෙලින්ම විමසා සිටියේ අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකදී ය. එහි කිසිදු සත්‍යතාවයක් නැතැයි අගමැතිවරයා අමාත්‍ය රවුෆ් හකීම්ට කියා සිටියේය.” මම එයාව අන්තිමට හමුවුණේ පෙබරවාරි මාසයේ’ යයි රනිල් වික්‍රමසිංහ කියා සිටිය දී රවි කරුණානායක ඇමතිවරයා ද ඒ අසල විය.

ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා ජනාධිපති මහින්ද රාජපක්ෂය හමුවූ අවස්ථාවේදී ඔහු ඉතා කාරුණිකව ඉල්ලීම ප්‍රතික්ෂේප කල බව මාධ්‍ය මීට පෙර කියා සිටියේය. ධම්මික පෙරේරා සූදු ව්‍යාපාරිකයෙක් බවත් ඔහු වැඩේට ගැලපෙන්නේ නැති බවත් එස් බී දිසානායක ප්‍රසිද්ධියේම කියා සිටියෙය.

කෙසේ වෙතත් ධම්මික පෙරේරා යනු ලෙහෙසියෙන් තමන් පටන් ගත් දෙයක් අත්නොහරින පුද්ගලයෙක් බව දන්නෝ දනිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.