නඩත්තු නොගෙවූ ඩිල්ශාන්ට අවවාද

dilshanතමන්ගේ පළමු බිරිදගෙන් දික්කසාද වී සිටින ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් නායක තිලකරත්න ඩිල්ශාන්ට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ විසින් දැඩි ලෙස අවවාද කොට ඇත.

නඩත්තු නිසි ලෙස නොගෙවීම නිසා පැවරූ නඩුවකට තිලකරත්න ඩිල්ශාන් පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කොට තිබිණි. මෙම වරෙන්තු ආපසු කැදවූ මහේස්ත‍්‍රාත්වරයා කියා සිටියේ තිලකරත්න ඩිල්ශාන් නඩත්තු නොගෙවන්නේ නම් තමන්ට දැඩි පියවරක් ගැනීමට ඉදිරියේදී සිදුවන බවයි. නඩත්තු ගෙවීම සදහා ලබන මස 24 වන දින යළිත් නඩුව කැදවීමට නියමිතය.

ඩිල්ශාන් මේ වන විට කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් කෝටි ගණනක් රැුස්කරගෙන සිටින්නෙක් බව ප‍්‍රකටය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.