
ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය කිරීමට අසීරු වුවත් හොඳ තරඟයක් මට තමන් සූදානම් යැයි හිටපු ඇමති නවීන් දිසානායක කියා සිටී. ඉදිරි මැතිවරණය ඉතා පීඩාකාරී අවස්ථාවක් වුවත් ඒ පීඩනයට තමන්ට මුහුණදීමට සිදුවන බවයි නවීන් දිසානායක හිටපු ඇමතිවරයා සතිඅන්ත පුවත්පතකට කියා සිටියේ.
මැතිවරණ ප්‍රතිඵල ගැන කතා කරමින්
” මේකෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා රාජපක්ෂ පවුල මේ රටේ ශක්තිමත් දේශපාලන පවුල බවට පත්වෙලා තියෙනවා අපි එක පිළිගන්න ඕනෑ අපි එක පැත්තකින් පවුල් වාදය ගැන කතා කරනවා පුත්තු ගැන කතා කරනවා සහෝදර සමාගම් ගැන කතා කරනවා ඒත් ජනතාව එක අනුමත කරලා තියෙනවා ඒක ජනතාවගේ කැමැත්ත ”
බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස සිංහල බෞද්ධ ජන පදනමට හොදින් ආමන්ත්‍රණය කළ බවත්” මේක තමයි රට ජාතිය බේරගන්න තියන අන්තිම අවස්ථාව” යන ප්‍රචාරණ ව්‍යාපාරය ඉතා හොඳින් මෙහෙයවූ බවත් නවීන් දිසානායක පවසයි.
හදිසියේ පන්සල් ගිහින් ඡන්ද දිනන්න පුළුවන් කියලා ඔබ හිතනවද යැයි විමසූ විට නවීන් දිසානායක පැවසුවේ “යන්න වෙනව ඡන්දෙ තිබුණේ 16 වෙනිදා දොළොස් වෙනිදා පෝය එදා අසපුව හරහා විශාල ව්‍යාපාරයක් දියත් වුණා ඒ හරහා සිංහල බෞද්ධ ජන මතයට විශාල බලපෑමක් වුණා 13 වැනිදායින් පස්සේ මැතිවරණ ප්‍රචාරණ තවත් අවසර තිබුණේ නැහැ.ඒක අපිට අවාසියක් වුණා”