නාඩි වෙළෙඳාම නතර කළ විට එළවළු මිල අඩුවෙයිද?

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නවතා දමා තිබේ. මේ මගින්එළවලු මිල පහත දමා ගැනීම ආන්ඩුවේ අපේක්ෂාවයි.

ඒ අනුව මින් ඉදිරියට ගොවීන් , ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳුන් සහ එළවළු මිලට ගැනීමට පැමිණෙන ව්‍යාපාරිකයන් අතර පමණක් ගනුදෙනු සිදු වන අතර සමස්ත එළවළු මිල ගණන්ද පහළ යනු ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

දෛනිකව ලොරි 1500 ක පමණ එළවළු තොග පැමිණෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මෙරට වෙළෙඳපොළේ එළවළු මිල ගණන් තීරණය කරන ප්‍රධාන සාධකයක්ද වේ.

එළවළු හිඟයට පිළියම් යොදන්නේ නැතිව වෙළඳපල ස්වභාවය වෙනස් කළ පමණින් එළවළු මිල අඩුවේ ජන ප්‍රශ්නේ මතු වී ඇත.

අතරමැදියන් යනු යම්කිසි නිශ්චිත කාර්යභාරයක් ඉටූකරන කරන පිරිසකි. විශේෂයෙන් අවදානම් දැරීමේදී අතරමැදියන්ගේ සහාය වෙළෙඳුන්ට මෙන්ම ගොවීන්ට අවශ්‍ය වේ. කලෙක සිට අසාමාන්‍ය ලෙස එළවළු මිල ඉහළයාමේ ප්‍රධාන හේතුව එළවළු හිඟයයි.

කෙසේ වෙතත්ඒ පිළිබඳ සොයා බැලූ බුද්ධි තොරතුරු ඒකක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වාර්තා කර ඇත්තේ වසර 5 ක පමණ කාලයක සිට එහි ක්‍රියාත්මක අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳාම එම තත්වයට හේතුව බවයි.

නාඩි වෙළෙඳුන් නමින් හඳුන්වන 300 කට අධික අතරමැදියන් පිරිසක් සෑම දිනකම අලුයම 4 වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන අතර ඔවුන් සිදු කර ඇත්තේ ගොවීන්ගෙන් ලැබෙන එළවළු තොග විශාල ප්‍රමාණයක් අඩු මිලට ගෙන , වැඩි ලාභයක් තබාගනිමින් නැවත අලෙවි කිරීමයි. ගොවීන් මේ පිරිසට අඩු මිලට තමන්ගේ අස්වැන්න විකුණන ඇයි දැයි සොයාබැලීම වැදගත් විය හැකිය.

කෙසේ වෙතත් මෙහි ප්‍රතිඵලය ටික දිනකින් නිශ්චිතව දැනගත හැකි වනු ඇත. මේ අනුව එළවළු මිල මාෆියාවක් නිර්මාණය කිරීමට හේතු වූ අතරමැදි වෙළෙඳාම නැවතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රෙය් ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.