නාමල් අත්අඩංගුවට ගත හැකියි

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය වෙත ඉදිරිපත් කල වාර්තාවක් සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා කියා සිටියේ පොලිස් නිලධාරීන්ට බැන වැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයාට එල්ල වී ඇති චෝදනාව අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩක් පොලිසියට තිබෙන බවයි.

නාමල් රාජපක්ෂ ශාන්ත ලලිත් නම් උප පොලිස් පරීක්ෂකවරයාට බැන වැදී තර්ජනය කළ බව පොලිසිය වාර්තා කර ඇත්තේ ඔහුට එරෙහිව නැගී ඇති රුපියල් මිලයන 70ක් අපහරණය කිරීමේ චෝදනාවක් විමර්ශනයට ගත් අවස්ථාවේදීය. කි‍්‍රෂ් නම් නාමල් රාජපක්ෂ සම්බන්ධ සමාගමක් මෙම අපචාරයට සම්බන්ධ බවයි පොලිසිය පවසන්නේ. අපේ ආණ්ඩුව ආවට පස්සේ තමුන්ට වෙන දේ බලා ගන්න පුළුවන් යැයි නාමල් රාජපක්ෂ තර්ජනය කල බවයි උසාවියට වාර්තා වී ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.