නාමල් කුවේට් රටේදී අපූරු තොරතුරු හෙළිදරව්වක

namal rajapaksha

ප්‍රසන්න රණතුංග සහ නාමල් රාජපක්ෂ පසුගියදා කුවේට් බලා ගියේ ජනාධිපතිවරණයේදී සහාය දුන් විදෙස්ගත ශ්‍රමිකයින්ට ස්තුතිය පුද කිරීමට ය. කුවේට් හි නිල හමුවීම්වලින් අනතුරුව බොහෝ අතුරු කතාබහ මතුවූ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙවර මහමැතිවරණය සඳහා ජනාධිපතිවරණයට පැමිණියාට වඩා වැඩි පිරිසක් පැමිණීමට ඉඩ ඇති බව කතාබහට එක් වූ පිරිස් කියා සිටියහ.

” අවුරුද්ද සමරලා ඡන්දය දාල එන්න පුලුවන්නෙ” යයි ඔවුන් පැවසූහ.

තමන්ගේ විවාහ මංගල්‍යයේ රස තොරතුරු කීමට නාමල් අමතක කළේ නැත.

“අපේ තාත්තට හිතවත් අපි දන්න කෙනෙක් ඉන්නවා ප්‍රංශයේ. මට එයාට ආරාධනා පත්‍රයක් යවන්න අමතක උනා. නමුත් මගුල එහෙම ඉවරවෙලා ටික දවසකට පස්සෙ මට එයාගෙන් ලියුමක් ආවා. අපේ අම්මගේ තාත්තගේ විවාහ මංගල්‍යය ට එවල තිබුන ආරාධනා පත්‍රය තැපෑලෙන් එවලා තිබුණා. ඒ අවස්ථාවට ආපු අපේ හිතවතාට මට ආරාධනා පත්‍රයක් යවන්න අමතක වෙච්ච නිසා ඒක මතක් කරන්න මට පරණ ආරාධනා පත්‍රය තෑපෑලෙන් එවල තිබුණා.”

විවාහ මංගල්‍යයට මෙතරම් පිරිසකට ආරාධනා කළේ කෙසේදැයි විමසූ විට නාමල් දුන්නේ අපූරු උත්තරයකි. බොහෝදෙනාට ඉන්න කීවත් මත්පැන් වලට වියදම් නොකළ නිසා එතරම් ලොකු වියදමක් නොවූ බවයි ඔහු පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.