නාමික ජනාධිපතිවරයෙක් පත් කරන්නට ඡන්දයක් ඇයි?

president

මීළඟ ජනාධිපති වරයා මත්වුණු ඇත්තේ මහජන ඡන්දයෙන්. එහෙත් ආචාර්ය නිහාල් ජයවික්‍රම පෙන්වාදෙන පරිදි , 19 වැනි සංශෝධනය යටතේ පවත්වන ඉදිරි ජනාධිපතිවරණයෙන් අනතුරුව පත්වන ජනාධිපතිවරයා සෑහෙන තරම් බලය කප්පාදු අයෙකි. පෙනුමට පමණක් සිටින ජනාධිපතිවරයෙකු කිරීම සඳහා ශාන්ත මුදලක් වියදම් කොට ජනාධිපතිවරණයක් පැවැත්වීම තාර්කික ද යන ප්‍රශ්නය මතුවේ.

ආචාර්ය ජයවික්‍රම යෝජනා කරන්නේ මෙවැනි නාමික, නිර්දේශපාලනික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා රට පුරා ජනාධිපතිවරණයක් පවත්වනවා වෙනුවට, පාර්ලිමේන්තුව හරහා හෝ ප්‍රජාතන්ත්‍රීයව ව්‍යවස්ථාපිත වෙනත් ‘මැතිවරණ කොලීජියක්’ හරහා හෝ එය කළ යුතු බවයි.

ජනාධිපතිවරයාගේ බල කප්පාදුව පිළිබඳව ආචාර්ය නිහාල් ජයවික්‍රම කළ කරුණු දැක්වීමකි මේ:

1. ජනාධිපතිවරයා සතුව තිබූ නෛතික මුක්තිය ඉවත්වීම

2. ඉහළ අධිකරණවල විනිසුරුවන්, නීතිපතිවරයා සහ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයන්ට යටත්ව පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්වීම.

3. ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලය, ව්‍යවස්ථා සභාවේ නිර්දේශ යටතේ පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත් වීම.

4. ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය, පාර්ලිමේන්තුවේ මුළු වාර කාලයේ අවසාන මාස හයේදී මිස වෙනත් අවස්ථාවක නම්, පාර්ලිමේන්තුවේ ඉල්ලීම මත පමණක් කළ හැකි කාර්යයක් බවට පත්වීම.

5. ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ජත්කිරීම ජනාධිපතිවරයාට තිබූ තනි බලය, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්වීම.

6. ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්වීම.

7. අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් වීම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.