නිදහස් අරගලය ගැන හිතන්න කරුණු

heros

ශ්‍රී ලංකාවේ නිදහස පිළිබඳ කතා පුවත බොහෝ මිත්‍යා මත වලින් සරසා තිබෙන්නකි. ඒ නිසා මේ ගැනත් හිතන්න.

“,ලේ බිදක් නොසෙල්වා අපි නිදහස ලබා ගත්තෙමු” යන්න මිථ්‍යාවකි. 1818 ආයුධ සන්නද්ධ කැරැල්ල පරාජය වීමෙන් අනතුරුව බොහෝදෙනෙක් ලේ දහදිය සහ කඳුළු පූජාකොට නිදහස වෙනුවෙන් සටන් කළහ.

වීදිය බණ්ඩාර සීතාවක රාජසිංහ පලවෙනි විමලධර්මසූරිය දෙවැනි රාජසිංහ වැනි පාලකයින් ආක්‍රමණිකයින් ගේ සංස්කෘතිය ඉදිරියේ දණ නොනමා දේශීය සංස්කෘතික අනන්‍යතාව රැක ගත්හ . ඒ අනන්‍යතාව මත පිහිටා ජාතික ජාතික සටන් පසුකාලීනව බිහි විය.

ජේ ආර් ජයවර්ධන සහ ඩඩ්ලි සේනානායක ලෝක යුද්ධ සමයේදී ජපන් තානාපතිවරයා හමුවී ශ්‍රී ලංකාවේ සහයෝගය ජපානයට ලබාදිය හැකි බව පැවසූහ. එහෙත් ඩී එස් සේනානායක කළ අවවාද නිසා මේ දෙදෙනා පසුව නිහඬ වූ .ලංකාව ජපානයට සහයෝගය දුන්නේ නම් නිදහසේ කතන්දරේ මීට වඩා බෙහෙවින්ම වෙනස් වනු ඇත. ජේ ආර් ජයවර්ධන මේ බව lanka guardian සඟරාවට ලිපියක් ලියමින් මේ බව හෙළිදරව් කළේය.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නිසා ශ්‍රී ලාංකිකයින් ජපානයට සහය දැක්වීමට ඉඩ තිබෙන බව බ්‍රිතාන්‍ය ජාතිකයින් සැක කළහ. එහෙත් 1942 පෙබරවාරි මාසයේදී මහනුවර අස්ගිරි පාර්ශ්වයේ ගුණරත්න හිමි මල්වතු පාර්ශ්වය ශ්‍රී ධීරානන්ද හිමි උඩුනුවර උඩ පළාතේ සංඝ සභාවේ ලේකම් ජිනානන්ද හිමි සහ ටී බී පානබොක්කේ අදිකාරම්තුමා උඩුනුවර ගිහි පැවිදි සියලු දෙනාගේ සහාය බ්‍රිතාන්‍යට පලකල සිටියහ. මේ මේ සිදුවීමෙන් අනතුරුව ලාංකිකයින් ගේ බ්‍රිතාන්‍ය පක්ෂපාතීත්වය පිළිබඳ තිබූ සැකය තුරන් විය.

1942 අප්‍රේල් මස පස්සෙන් සහ නමවැනි දිනවල යකුන් උන් කොළඹට බෝම්බ හෙලූ අතර මේ ගුවන් ප්‍රහාරයෙන් අනතුරුව පැරෂුට් එකෙන් කැලණි රජමහා විහාරයේ බිමට පහත් වූ බ්‍රිතාන්‍ය ගුවන් දෙවියකුගේ ජීවිතය බේරා ගැනීමට එම විහාරයේ භික්ෂූන් වහන්සේ නමක් දිවි පරදුවට තබා ඉදිරිපත් වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පරිපාලනය ලංකාවාසීන්ගේ පක්ෂපාතිත්වය පිළිබඳව තිබූ සැකය සහමුලින්ම තුරන් කරගෙන වඩා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට යොමු විය.

ඉන්දියාවේ සහ බුරුමයේ ආරම්භ වූ දේශප්‍රේමි අරගල මර්ධනය කිරීමට තරම් ශක්තියත් යුද්ධයෙන් හෙම්බත්ව සිටි බ්‍රිතාන්‍යයට නොවීය. අනෙක් අතට ශ්‍රී ලංකාවත් විරෝධී ගොඩට ඇදදමා ගැනීමේ අවශ්‍යතාවයක් ද තනියට නොවීය.
1946දී බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව රාජකීය ඉන්දියානු නාවික හමුදාවේ කරල අනතුරුව ඊළඟ අවුරුද්දේ දී ඉන්දියාවට නිදහස ලැබුණු අතර ඉන් මාස හතකට පසු ශ්‍රී ලංකාවට ස්වයංපාලන බලය ලැබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.