නිදහස් මාධ්‍යයක් චීනයේ තිබුනානම් කොරෝනා පාලනය වෙනවා

Media

චීනයෙහි බලධාරීන් විසින් පනවා ඇති වාරණය සහ පාලනය නොතිබුනි නම් චීන ජනමාධ්‍ය විසින් කොරොන වෛරස් වසංගතයේ බරපතලකම පිළිබඳව කල්තියා මහජනතාවට දැනුම් දෙන්නට තිබූ බවත් එමගින් ජීවිත දස දහස් ගණනාවක් බේරාගෙන වර්තමාන ගෝලීය වසංගතයෙන් වැළකීමට ඉඩ තිබූ බවත් “දේශසීමා රහිත වාර්තාකරුවෝ්” සංවිධානය (ආර්එස්එෆ්) පෙන්වා දෙයි.

මාර්තු 13 වන දින ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයක් මගින්, සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් යෝජනා කරන්නේ චීන බලධාරීන් ජනවාරි 20 වන දින ගනු ලැබූ පළමු පියවර ඊට සති දෙකකට පෙර ක්‍රියාත්මක කළේ නම් චීනයේ කොරොන වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව 86% කින් අඩු කළ හැකිව තිබූ බවයි.

චීනයේ තොරතුරු සහ ජනමාධ්‍ය නිදහස තිබුණි නම් මෙසේ සිදුවිය හැකිව තිබුණි.

දෙසැම්බර් 20: වුහාන් නගර බලධාරීන්ට වෛරසය පිළිබඳව මාධ්‍යවේදීන්ට දැනුම් දීමට අයිතිය තිබෙන්නට ඉඩ තිබුණි.

පළමු ලේඛනගත රෝගියාගෙන් මසකට පසු, වුහාන් නගරයේ ඒ වනවිටත් නොදන්නා සාර්ස් වැනි නියුමෝනියාව සහිත රෝගීන් 60 ක් සිටි අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙක්ම හුවාන් මත්ස්‍ය වෙළඳපොළට නිතර පැමිණි අයවලුන් වූහ. තත්වය එසේ තිබියදීත්, බලධාරීන් මෙම තොරතුරු මාධ්‍යයට දැනුම් දීමට තීරණය කළේ නැත.

ඉතා ජනප්‍රිය වෙළඳපලකට සම්බන්ධ වසංගත රෝගයක් පවතින බවට බලධාරීන් මාධ්‍යයෙන් සඟවා නොතිබුණි නම්, ජනවාරි 1 වන දින නිල වශයෙන් නගරය වසා දැමීමට කලකට පෙර මහජනතාව මෙම ස්ථානයට පැමිණීම නතර කරන්නට ඉඩ තිබුණි. නමුත් ජනයා දිගටම එහි ගියෝ ය. එමගින් රෝගය දසත පැතුරුණි.

දෙසැම්බර් 25: වෛද්‍ය ලූ ෂියාහෝං මාධ්‍යයට මෙම රෝගයෙහි බියජනක තත්වය ප්‍රකාශ කරන්නට ඉඩ තිබුණි.

අංක 5 වුහාන් සිටි රෝහලේ ආමාශ ආශ්‍රිත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය ලු ෂියාහෝං දෙසැම්බර් 25 වන දින වෛද්‍ය කාර්ය මණ්ඩලයට බලපාන නව ආසාදනය පිළිබඳ රෝගීන් විභාග කිරීම ආරම්භ කරන ලද අතර එය ජනවාරි පළමු සතියේ සිට මිනිසුන් අතර සම්ප්‍රේෂණය වෙමින් ඇති බවට බවට සැක කළේ ය.

චීනයේ ජනමාධ්‍යවේදීන්ට තොරතුරු ලබාදෙන මූලාශ්‍රවලට වෘත්තීයමය දඩුවම් පැමිණවීමේ සිට දැඩි සිර දඩුවම් දක්වා දඩුවම් පැණවීමක් නොතිබුණි නම්, මාධ්‍යට නව කොරොන වෛරසය පිළිබඳ අනතුරු ඇඟවීමේ වගකීම වෛද්‍ය ලූ ෂියාහෝං විසින් භාරගන්නට තිබුණි. එසේ වී නම් මාධ්‍ය විසින් මේ තත්වය හෙළිදරව්කරන්නටත් එමගින් පියවර ගැනීමට ආණ්ඩුවට බලපෑම් කරන්නටත් ඉඩ තිබුණි. නමුත් ආණ්ඩුව අවශ්‍ය පියවර ගත්තේ ඉන් සති තුනකට පසු ය.

දෙසැම්බර් 30: රහස් හෙළි කරන්නන්ගේ පූර්ව අනතුරු ඇඟවීම මාධ්‍ය වෙත ලැබෙන්නනට තිබුණි.

වුහාන් මධ්‍යම රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ අධ්‍යක්ෂ අයි ෆෙන් ඇතුලු වෛද්‍යවරුන් කණ්ඩායමක් සාර්ස් වැනි කෙරොන වෛරසයක්” පිළිබඳව අනතුරු ඇඟවීමක් කළේ ය. පසුව එම අසනීපයෙන්ම මියගිය වෛද්‍ය ලී වෙන්ලියන්ග් ඇතුළු අට දෙනෙකු “බොරු කටකතා” ප්‍රචාරය කරන්නේ යැයි කියා නිසා වුහාන් පොලිසිය විසින් ජනවාරි 3 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.

රහස් තොරතුරු හෙළි කරන්නන් විසින් ලබා දෙන ලද තොරතුරු දෙසැම්බර් 30 වන දින නිදහසේ බෙදා හැරීමට කිරීමට පුවත්පත් සහ සමාජ මාධ්‍යවලට හැකි වූයේ නම්, මහජනතාවට අනතුර අවබෝධ වී වෛරසය ව්‍යාප්ත වීම සීමා කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට බලපෑම් කරනන්නට තිබුණි.

දෙසැම්බර් 31: සමාජ මාධ්‍ය විසින් චීනයේ නිල අනතුරු ඇඟවීම ප්‍රසිද්ධ කරන්නට ඉඩ තිබුණි.

චීනය දෙසැම්බර් 31 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) නිල වශයෙන් අනතුරු මෙම වෛරසය ගැන අනතුරු ඇඟවීය. නමුත් ඒ සමඟම වසංගතය ගැන සඳහන් කැරෙන වචන විශාල සංඛ්‍යාවක් වාරණය කිරීමට WeChat නම් චීන අන්තර් ජාල සාකච්ජා වේදිකාවට බල කළේ ය.

වාරණයක් නොතිබුණි නම් චීනයේ බිලියනයක් ක්‍රියාකාරී පරිශීලකයින් සිටින සමාජ ජාලයක් වන WeChat හරහා සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන නීතිරීති වඩා හොඳින් පිළිපැදීමට හැකිවනසේ උපදෙස් සහිත වාර්තා සහ පූර්වාරක්‍ෂක උපදෙස් විකාශනය කිරීමට මාධ්‍යවේදීන්ට හැකි වන්නට තිබුණි.

ජනවාරි 5: විද්‍යා ජනමාධ්‍ය කල්තියා කොරෝනා වයිරස් ජෙනෝමය බෙදා හරින්නට ඉඩ තිබුණි.

ෂැංහයි මහජන සෞඛ්‍ය සායනික මධ්‍යස්ථානයේ මහාචාර්ය ෂැං යොංෂෙන්ගේ කණ්ඩායම ජනවාරි 5 වන දින වෛරසයේ ජානමය අනුක්‍රමය සොයා ගත්තේ ය. නමුත් බලධාරීන් එම ජානමය ප්‍රසිද්ධියට පත් කිරීමට මැලිකමක් විය. චීනයෙහි වෛරසයෙන් පළමු වරට අයකු මියගිය බව සනාථ වූ ජනවාරි 11 වන දින පර්යේෂකයන් විසින් විවෘත අන්තර්ඩජාල මූලාශ්‍ර වේදිකාවට ජානමය අනුක්‍රමය පිළිබඳ තොරතුරු මුදා හැරියේ ය. ඊට දඩුවමක් වශයෙන් බලධාරීන් විසින් ඔවුන්ගේ රසායනාගාරය වසා දමන ලදී.

චීන බලධාරීන් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළේ නම්, වහාම කොරොන වයිරස් ජානමය අනුපිළිවෙල එරට විද්‍යා මාධ්‍ය වෙත සන්නිවේදනය කරන්නටත් එය ලොව පුරා බෙදා හැරීම මගින් එමගින් එන්නතක් සංවර්ධනය කිරීම සඳහා කරන ලද පර්යේෂණ වලදී ජාත්‍යන්තර ප්‍රජාවගේ වටිනා කාලය ඉතිරි කර ගන්නට තිබුණි.

ජනවාරි 13: වසංගතයක් ඇතිවීමේ අවදානම ජාත්‍යන්තර ප්‍රජාවට තේරුම් ගන්නට ඉඩ තිබුණි.

වුහාන්හි සිට පැමිණි සංචාරකයෙකු චීනයෙන් පිටත නව කොරොන වයිරස් ආසාදනය වී තිබීමේ පළමු සිද්ධිය තායිලන්තයේ වාර්තා වුයේ එදින ය.

ජනවාරි 13 වන දිනට පෙර චීන බලධාරීන් විසින් දැන සිටි වසංගතයේ පරිමාණය පිළිබඳ තොරතුරු කරා ප්‍රවේශවීමට ජාත්‍යන්තර මාධ්‍යවලට හැකියාවක් තිබුනේ නම්, ජාත්‍යන්තර ප්‍රජාව මෙම අර්බුදය පිළිබඳ කල්තියා තොරතුරු ලබාගෙන රෝගයේ පැතිරීම දැනුවත්ව ආරක්ෂාකාරීව අපේක්‍ෂා කරමින් වසංගතයේ අවදානම අඩු කරන්නට තිබුණි. සමහර විට එය චීනයෙන් පිටතට පැතිරීම බාල කොට ගෝලීය වසංගතයක් බවට පරිවර්තනය වීම වළක්වා ගන්නට ද ඉඩ තිබුණි.

2019 ආර්එස්එෆ් ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ චීනය සිටින්නේ 180 න් 177 වන ස්ථානයේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.