නිළ නොවන මැතිවරණ ප්‍රතිපල එපා – මැකෝ

mahinda-deshapriyaඅනුමත නොකරන හෙවත් නිල නොවන ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ ජාල හරහා හෝ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි. මේ බව සියලුම නීතිගරුක පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවද මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටියි.

ප්‍රකශය එසැනින්

පළාත් පලන ආයතනවල, ඒ ඒ සමස්ත ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව වෙත වර්ත කෙරෙන අතර එහි නිරවද්‍යතාවය මැතිවරණ කොමිෂන් සභාව විසින් සනාථ කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් එකී ප්‍රතිඵල ප්‍රකශයට පත් කෙරෙන අතර එසැනින් ම මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ප්‍රතිඵලය ජනමාධ්‍ය වෙත නිකුත් කරනු ලබනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

මෙවර මැතිවරණ ප්‍රතිපලය ආශ්‍රිතව නොයෙකුත් දේශපාලන පෙළ ගැසීම් ඇති වීමට ඉඩ තිබේ.ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රධන පෙළේ නායකයින් සියළුම දෙනා කොළඹ කරා පැමිණෙමින් සිටිති. ප්‍රතිපලය අනුව පළාත් පාලන සභා පිහිටුවීමේදී නොයෙකුත් කේවල් කිරීම් සිදු විය හැකිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.