නීතිපති ඇවන්ගාඩ් අත්නොහරියි – සංශෝධිත අධිචෝදනා පත්‍රයක්

avant garde

ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට මීට පෙර අවස්ථාවක චෝදන 7573ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබුණත් එම චෝදනා වල මූලික පදනම බිඳ වැටීම නිසා ඉන් චෝදනා 7554 ක්ම ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඉවත දමා විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතී විරෝධී අයුරින් උණ්ඩ ප්‍රවාහනයට ආධාර හා අනුබල දීම හා බොරු සාක්කි ගෙතීම යන චෝදනා 19ක් යටතේ නඩුව පවත්වාගෙන යෑමට නීතීපතිවරයාට අවසර දුන්නේ ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේය.

දැන් නිශ්ශංක සේනාධිපති ඇතුළු 13 දෙනෙකුට එරෙහිව චෝදනා 882 කින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත්‍රයක් නීතීපතිවරයා ඊයේ (30) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය.

මීට පෙර නිදහස් නිදහස් කළ විත්තිකරුවන් 05 දෙනා ඇතුළුව විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට නීතීපතිවරයා පියවර ගනු ලැබූ අතර මෙම පැමිණිල්ල ලබන මස 10 වැනිදා යළි කැඳවීමට නියමිතය.

දැනට අප පිරිස සිටින “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතා රූපවාහිනී වැඩසටහනක දී පැවසුවේ තමන්ගෙ නම නිශ්ශංක සේනාධිපති බව මතක තබා ගන්නා ලෙසය

ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදවල් විත්තිකරුවන් විසින් සිදු කොට ඇති බව නීතීපතිවරයා විසින් චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.