
රංජන් රාමනායක මහතා හා සංවාදයේ යෙදුන ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග ලබාදීම නීතියට පටහැනි අත්තනෝමතික ක්රියාවක් බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ නීතීඥවරු අද(24) අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ.
නීතිපති නීතිය අඹරන බව නීතිඥයෝ කියා සිටිති. මීට පෙරත් නීතිපති වරයාගේ නියෝග උසාවියේ දී අභියෝගයට ලක්වී ඇත.
නීතිපතිගේ කාර්යභාරය අධිකරණයට මග පෙන්වීම සහ සහය වීම පමණක් බවත් එසේ තිබියදී විනිසුරුවරුන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීම නීතිපතිගේ කාර්යභාරය නොවන බවත් ඔවුහු සඳහන් කළහ.
කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ නීතීඥ සංගමය මෙම විරෝධතාවට එක්ව සිටියහ.