නීතිය හා සාමය වෙනුවෙන් ෆොන්සේකා සටනේ

Ashu Marasinghe

නීතිය හා සාමය වෙනුවෙන්ෆො න්සේකා සටනේ

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය මන්ත්‍රී සරත් ෆොන්සේකා හට ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් තරයේම ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේදී මන්ත්‍රීවරු 98 දෙනෙකුගේ අත්සනින් යුතුව පෙත්සමක් භාරදීමට තමන් සූදානම් බවයි මාරසිංහ මන්ත්‍රීවරයා පවසන්නේ.

මීට පෙර සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබා දෙන්නයි කරනු ලැබූ ඉල්ලීම් රැසක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

කෙසේ වෙතත් ඔහුගේ හිත මිත්‍රයන් තමන්ගේ වෑයම අත්හැර නැති බවයි පෙනෙන්නේ.

ඉදිරි සති කීපය තුළදී සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රතිරූපය ජනමාධ්‍ය ඔස්සේ ඉහළ නැංවීමට ඔහුගේ හිත මිතුරන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ .

ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඉහළ ශිව ඉහළ නායකත්වය වැඩි කැමැත්තක් දක්වන්නේ නැති බව ඇතැමුන් පවසති.

අනෙක් අතට සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය පහර දුනහොත් හමුදාව තුල බෙදීමක් සිදු විය හැකි බව තවත් පිරිසක් පෙන්වා දෙති. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට පොලිසිය තමන්ගේ යටතේ පවත්වාගත නොහැකි බවයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දෙන්නේ.

සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රහාරාත්මක වාග් ශෛලිය ඔහුට වගකීම් බාර දීමේදී ප්‍රශ්නයක් සුවය මතුවන බව තවත් වෙනසක් පෙන්වා දෙති මේ කවර මතවාදය ඉදිරිපත් වුණත් සරත් ෆොන්සේකා මහතාගේ වැඩපිළිවෙළේ වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවයි ඔහුගේ හිතවතුන් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.