නුවරට පෙම් බැඳී බාසිත් ගිනි ගොඩින් මරුට

BASITHඅබ්දුල් බාසිත් නුවර නගරයට පෙම් බැඳී තරුණයෙකි. දැන් ජාතිවාදයේ ගිනිදළු ඔහුව දවා ඇත. දළදා සමිඳු සහ බෞද්ධ කොඩිය පසුබිමේ තබාගත් මේ තරුණයාගේ මළ සිරුර හමු වුනේ දිගන ගිනිගත් නිවසකිනි. බාසිත් ගේ මිතුරන් වැඩි දෙනා සිංහලය. ඔහු පළාතේ කා සමගත් හොඳ හිත තබාගෙන සිටි තරුණයෙකි. මරණ පරීක්ෂණය සිදුවූ දේ කියනු ඇත. එහෙත් ජාතිවාදය සහ ආගම් වියරුව හමාර නොවනු ඇත.

මානසික රෝගයක්

ජාතිවාදය යනු මානසික රෝගයක් බව යලිත් වතාවක් පසක් වී ඇත. මේ විරුවෙන් මියගිය තෙල්දෙණියේ, මොරගහමුල, අම්බාල ගම්වාසී හීපිටියේ ගෙදර කුමාරසිංහ තරුණයාගේ දෙමාපිය දු දරුවන් ගේ දෑස් වලින් ගලාගෙන යන්නේත්
බාසිත් ගේ දෙමාපිය නෑසියන්ගේත් දෑස් වලින් ගලාගෙන යන්නේ එකසේ එකවගේ උණු කඳුළුය.

ෆේස් බුක් එකට ජාතිවාදය සහ ආගම්වාදය කොටන එකාලට මේ ටික තේරුම් නොයාම අරුමයක් නොවේ.මන්ද යත් basithජාතිවාදය සහ ආගම්වාදය තිබෙන අය මානසික රෝගයකින් පෙලෙන බව නොදන්න හෙයිනි. කණගාටුවට කරුණ වන්නේ මෙවැනි මානසික රෝගින් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය නොදන්නා ආණ්ඩුවක් බලයේ සිටීමයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.