පරාජයට හේතුව මම නම් ඕන වෙලාව යන්නම් – ලසිත් මාලිංග

lasith-malinga

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමිත ඕවර ක්‍රිකට් තරඟ එක දිගට පරාජය වෙද්දී බලධාරීන් මුව හමට තැලීම සූදානම් වෙති.  ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයෙන් ලසිත් මාලිංග ඉවත්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු කරන අතරවාරයේ මාලිංගයන් සිටින්නේ ඕනෑම වෙලාවක තමන් නික්ම යෑමට සූදානම් බවයි.

“ශ්‍රේණිගත කිරීම් වල අංක 9 හිටපු කණ්ඩායම මම බාරගත්තේ. ඉතින් අපි අංක 9යට යනකම් කවුරුත් ඒ ප්‍රශ්නේ ඇහුවේ නැහැ, ඇයි අපි දිගින් දිගින් පරදින්නේ කියලා. අපි පිළිගන්න ඕනේ අපි විස්සයි විස්ස දක්ෂතා අතර නැති කණ්ඩායමක් කියලා. එහෙම නැති කණ්ඩායමක් දක්ෂතා අතරට ගේන්න සැහෙන කාලයක් යනවා.” තමන්ගේ නායකත්වයට එල්ලවෙන විවේචන ගැන ලසිත් මාලිංග ඉන්දීය සංචාරයෙන් අනතුරව මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේය.

“කවුරුහරි කියනවනම් නායකත්වය තමයි පරාජයට හේතුව කියලා මට කියන්න තියෙන්නේ පන්තියේ ළමයි වැඩකරන්නේ නැතුව ප්‍රතිඵල එන්නේ නැත්නම් පන්තියේ නායකයා මාරුකරන එකද හරි කියන එක. එහෙමනම් මම ඒකට ඕන වෙලාවක ලෑස්තියි.” ලසිත් මාලිංග සඳහන් කළේය.

මාලිංගගේ ප්‍රතිචාරය ප්‍රහාරාත්මක ය.

2018 වසරේ දෙවන වරට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත්වූ ලසිත් මාලිංග එම කාල පරිච්චේදය තුළ තරග 12 ක් මෙහෙයවා ජයගැනීමට සමත්ව ඇත්තේ එක් තරගයක් පමණි.

නවසීලන්තය 2018 තරග 1-0ක් ලෙස පරාජය
දකුණු අප්‍රිකාව 2019 තරග 3-0ක් ලෙස පරාජය
නවසීලන්තය 2019 තරග 2-1ක් ලෙස පරාජය
ඔස්ට්‍රේලියාව 2019 තරග 3-0ක් ලෙස පරාජය
ඉන්දියාව 2020 තරග 2-0ක් ලෙස පරාජය

එම කාලසීමාවේ ලසිත් මාලිංග ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා පිළේ පකිස්ථාන සංචාරය තරුණ ශ්‍රී ලංකා කණ්ඩායමක් තරග 3-0ක් ලෙස දසුන් ශානක යටතේ ජයගැනීමට සමත් විය.

මේ පරාජයේ සැබෑ වගකීම ඇත්තේ මාලිංග අතේ ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.