පරිප්පුවක අරුම

dhal

පරිප්පු නැති නම් හෝටලය හෝටලය නොවන අතර කුස්සිය කුස්සියක් දැමුවේය. එසේම දිගට හරහට පරිප්පු වන්නේ නැතිනම් ඔබ ශ්‍රී ලාංකිකයෙකු නොවෙයි. පරිප්පු ගැන කතා බොහොමයකි.

පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා යැයි කීවේ සරසවි සිසුන් ය.  ශ්‍රී ලංකාවේ පරිප්පුවා ආනයනය සඳහා මසකට රුපියල් කෝටි සීයක් නංවන බව කියන්නේ  ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරයයි.  පරිප්පු උයන ආකාර සිය ගණනක් ඇති බව කියන්නේ කෝකියන්ය. පරිප්පු කල්තබා ගැනීම සඳහා ඩෙල්ටාමිත්‍රයින් සහ පර්වමිත්‍රයින් වැනි රසායනික ද්‍රව්‍ය දාලා දමා දුමායනය කරන අවස්ථා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හමුවී තිබේ. ජේ ආර් පාඩමක් ඉගැන්වීම සඳහා ගුවනින් පරිප්පු හෙලූ බව කියන්නේ ඉන්දියානු රහස් ඔත්තු සේව යයි.

අප මයිසූර් පරිප්පු කියා කන්නේ ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන පරිප්පුය. පරිප්පු ගබඩාකොට තබන්නේ කුළුණුවල ය මේ කුළුණු ගරා වැටීම නිසා පරිප්පු නායයෑම් සිදුවෙන අතර මේ නාය යෑම නිසා මේ වන විට කම්කරුවන් දෙදෙනෙක් මිය ගොස් ඇත. අපේ දෛනික පරිප්පු පරිභෝජනය පරිප්පු කන්ටේනර් හෙවත් kg 24 දහසකි.

එහෙත් දේශපාලඥයින් නිබඳව අපට දෙන පරිප්පුව ඊට බෙහෙවින් වැඩිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.