පරිපාලන සේවය අසමත්ද?

රටම වසංගතයකට මුහුණදෙමින් සිටින අතරමැද්දේ අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන් වෙනස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ පරිපාලන සේවය අසමත්වීම හේතුවෙන් ද යන ගැටලුව පැන නැගී තිබේ.

මාරුවීම් ලැබූ අය අතර මේ මොහොතේ තීරණාත්මකම අමාත්‍යාංශයක් වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය වූ භද්‍රානි ජයවර්ධනද සිටියාය. ඇය කාන්තාවක වීම නිසා මේ මොහොතේ තීරණාත්මක අමාත්‍යාංශයකට නුසුදුසුදැයි කියා අප දන්නේ නැත.

එසේ නැතිනම් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් හෝ නිලධාරිනියන් තීරණාත්මක මොහොතක වැදගත් තනතුරක් දැරීමට නුසුදුසු බව ජනාධිපතිවරයා සිතුවාද කියාද අප දන්නේ නැත. නැතිනම් මේ මාරුව සඳහා වෙනත් හේතුවක් තිබුණාද නැද්ද කියා දන්නේ නැති බව අනිද්දා පුවත්පතේ මාධ්‍යවේදිනියක වන නිලුක්ෂි හේරත් ප්‍රශ්න කරයි

කෙසේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධුරයට පත්කරනු ලැබුවේ මේජර් ජෙනරාල් සංජීව මුණසිංහය. රාජ්‍ය පරිපාලන සේවයේ කෙනෙකු හෝ වෛද්‍ය පරිපාලන සේවයේ කෙනෙකු නොව සක්‍රිය හමුදා සේවයේ සිටින නිලධාරියෙකු මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු සඳහා සුදුසු බව ජනාධිපතිවරයා කල්පනා කර ඇත.

මීට අමතරව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ධුරයටත් පත්කර ඇත්තේ විශ්‍රාමික මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. (සුමේධ) පෙරේරාය. මම නැහැ මේ ඉවරයි හා පරිපාලන සේවය අසමත්ද

පළමු අවස්ථාව මෙය නොවේ

රටේ වැදගත් පරිපාලන තනතුරුවලට හමුදා නිලධාරීන් පත්කිරීමේ සම්ප්‍රදාය තවත් ඉදිරියට ගොස් ඇත. දැන් සමහරුන් මතු කරන කාරණයක් ඇත. ඔවුන් කියන්නේ අමාත්‍යාංශ ලේකම් තනතුරු සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොවන පුද්ගලයන් පත් කළ පළමු අවස්ථාව මෙය නොවන බවත්, පත්වීම් බලධාරියා ලෙස ජනාධිපතිවරයාට ඕනෑම කෙනෙකු පත්කිරීමේ හැකියාවක් තිබෙන බවත්ය.

එහෙත් එම අභිමත බලය පාවිච්චි කරමින් හිතුමතේට තනතුරු පත්කිරීම පිළිගත නොහැකිය. විශේෂයෙන්ම එකම මොහොතේ මේ තරම් තනතුරු රැසකට හමුදා නිලධාරීන් පත්කළ අවස්ථාවක් නොමැති තරම්ය. අනෙක් අතට මෙවැනි තීරණාත්මක මොහොතක අමාත්‍යාංශ තනතුරු සඳහා වසර ගණනාවක පුහුණුව ලද, අත්දැකීම් ඇති නිලධාරීන් වන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු පත් නොකිරීම තීරණාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.