පල්ලියට ආ සල්ලි ගැන තොරතුරු හෙළිදරව්ව

easter1

පාස්කු ඉරිදා හානියට ලක් වූවන් ආධාර ලබාදීම සඳහා කතෝලික පල්ලියට දෙස් විදෙස් පරිත්‍යාගශීලින් ගෙන් ලැබුන රුපියල් මිලියන 400 ක මුදලක් කාදිනල් මැල්කම් රංජිත් විසින් සෙත් සරණ ආයතනයට ලබා දී තිබේ. මේ පිළිබඳ හෙළිදරව්ක් කොට සිටින්නේ කතෝලික කටයුතු පිළිබඳ නිතර ලියන සිරිල් එඩෙරමුල්ල ලේඛකයා ය.

ලැබෙන ආධාර මුදල් පල්ලි ගොඩනැගීමට නොයෙදෙන බවත් ඒ සියලු මුදල් ඒ වින්දිතයින්ගේ සඳහා ලබාදෙන බව කාදිනල් මැල්කම් රංජිත් විසින් ප්‍රකාශ කොට ඇත. සම්බන්ධීකරණ කමිටු තුනක් පත්කොට ඇත මානව සංවර්ධනය මනෝ උපදේශනය සහ අධ්‍යාත්මික සංවර්ධනය යනුවෙන් මේ අංශ නම්කර ඇති අතර ඒ කටයුතු කරන්නේ පූජකවරු හා කන්‍යා සොයුරියන් ය.

සිද්ධියෙන් මියගිය හා විපතට පත් සියලු දෙනා රටේ සාමාන්‍ය පවුල්වල අය බවත් ඔවුන්ගේ ආත්ම ගෞරවය රැකීම සඳහා මේ තොරතුරු ප්‍රසිද්ධ කිරීම පමා වූ බවත් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ජාවකදී හෙළිදරව් විය.

කෙසේ වෙතත් මේ පිළිබඳව ක්‍රමානුකූලව තොරතුරු එළිදරව් කරන්නේ නම් එය මුදල් ලබා දුන් අයට මෙන්ම සමස්ත සමාජයටත් යහපතක් වනු ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ. ඉගෙනීම සඳහා වෙන් කළ මුදල වන රුපියල් ලක්ෂ 864 කි.

පීඩාවට පත්වූ සෑම ළමයකුගේ ම නමින් විවෘත කරන බැංකු ගිණුම්වල රුපියල් ලක්ෂ 864 තැන්පත් කරනු ඇත.  රෝහල් ගාස්තු ශ්‍රවණ උපකරණ හා ඇස් කණ්ණාඩි සඳහා දැනට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ අටක් වියදම් කර තිබේ. කුඩා දරු සිත්වල බිය හා සාංකාව දුරු කරන්නට වෙහෙසෙන විනීතා ජයමාන්න කන්‍යා සොයුරිය:

“මම ඒ ළමයි ලවා චිත්‍ර අන්දනවා ළමුන් පිරිසක් අඳින්නෙ මළගෙවල් බෝම්බ පුපුරවන දර්ශන විශේෂ භාවිතා කරන්නේ රතුපාට”

ආරක්ෂක හමුදා ශ්‍රම දායකත්වයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනි දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කොට අවසන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.