පලාගිය කල්පිටියේ නාවික සෙබළ හේරත් භාරවෙයි

jail Arrest

කල්පිටිය හමුදා කඳවුරෙන් පලාගිය නාවික බලා භාර වූ බව පොලිසිය කියා සිටි. කල්පිටිය මොහොත්තුවරම් නාවික හමුදා අනුකණ්ඩයේ නාවික හමුදා නිලධාරියෙකු මරණයට පත්කරමින් තවත් නිළධාරීන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකරමින් වෙඩිතැබීමක් සිදුකර පළාගිය නාවික හමුදා සෙබළා අද (30) ඉච්චන්කාඩු නාවික හමුදා අනුකණ්ඩයට බාරවී ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.

මෙසේ භාරවී ඇත්තේ කල්පිටිය මොහොත්තුවරම් නාවික හමුදා අනුකණ්ඩයේ සේවය කළ නායක සෙබළ පී. ඒ. ආර්. ආර්. හේරත් නැමැත්තෙකි.

ඉකත් 28දා මධ්‍යම රාත‍්‍රියේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර මෙම වෙඩි තැබීමෙන් මරණයට පත්ව ඇත්තේ නාවික හමුදා සුලූ නිළධාරී කේ. එස්. විජේවීර නැමැත්තෙකි.

මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ නාවික හමුදා බලනැවි ඩබ්. එම්. ඞී. එස්. කුමරසිංහ සහ නාවික හමුදා ඉංජිනේරු කාර්මික ඒ. ඒ. එස්. එම්. අතුකෝරල මේවන විට පුත්තලම රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

වෙඩි තැබීමෙන් ඝාතනයට පත් නාවික හමුදා නිළධාරියාගේ මෘතශරීරය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවතින තත්වයන් හමුවේ පැවැත්වීමට නොහැකිවී ඇති අතර එය අද පුත්තලම රෝහලේදී පැවැත්වීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.