
ලංකා ඉතිහාසයේ වැඩිම අලි මරණ සංඛ්‍යාව 2019 වසරෙන් වාර්තා වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි. එහි ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ 2019 වසරේදී විවිධ හේතූන් මත අලි 361ක් මියගොස් ඇති බවයි.
මේ අනුව දිනකට දළ වශයෙන් එක් අලියෙක් යන තත්ත්වයක් උදාවී ඇත. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය මඟින් කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි රවින්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ.
කසළ අවිධිමත් ලෙස බැහැර කිරීම, ගොවි බිම් ආරක්ෂා කිරීමට උපයෝගී කරගන්නා නීති විරෝධී ක්‍රමවේද, හීලෑ අලි ලබා ගැනීම සඳහා කරන්නාවූ නීති විරෝධී ක්‍රියාවන්, ඇත් දළ ලබා ගැනීම සඳහා ඝාතනය කිරීම ඇතුළු බොහෝ හේතු නිසා තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ අලි සම්පත මුහුණ දී ඇති තවත් ගැටලුවක් වන්නේ, දුම්රියේ ගැටීමෙන් මියයාමය.