පළමු එල්ලා මැරීම ඉක්මනින්

මෑතකදී බඳවාගන්නා ලැබූ අළුගෝසුවන් දෙදෙනා ලහි ලහියේ පුහුණු කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග කියා සිටී. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉතා දැඩි පුද්ගලයෙක් බව පෙන්නුම් කිරීම සඳහා පළමු එල්ලා මැරීම කඩිනමින් සහ රහසිගතව සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. පළමු එල්ලා මැරීමත් සමග මතුවන ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව උසස් නිලධාරින් කටයුතු කරමින් සිටිති. පළමු එල්ලා මැරීම වැලිකඩදී සිදුකිරීමට නියමිතය.

ශූර අළුගෝසුවා

එල්ලා මැරීම ක්‍රියාත්මක කරන අලුගෝසුවන් හට ගණිතය පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය පළමුකොටම එල්ලා මරණ පුද්ගලයාගේ බරට සරිලන සේ කඹේ සකස් කරගත යුතුය. එසේ නොවුණහොත් බෙල්ල එකවර කැඩී නො එනු ඇත. එසේම පුද්ගලයා පහළට වැටෙන වේගය අනුමාන කරගත යුතුය. එල්ලා වැටීමට නියමිත දුර අඩු වුවහොත් මරණීය දණ්ඩනය ලබන්නාට ඉක්මන් මරණයක් හිමි නොවනු ඇත. දිග වැඩි වුනහොත් බෙල්ල සහමුලින්ම කඳින් වෙන්වෙනු ඇත. මේ තත්ත්වයන් දෙකම වළක්වාගැනීම ශූර අළුගෝසුවාගේ කාර්යයි.

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ජුනි 23 හා ජූලි පළවෙනිදා අතර පැවැත්වීමට නියමිත අතර මේ කාලය තුලදී පළමු එල්ලා මැරීම ක්‍රියාත්මක විය හැකි බවයි ඇතමුන් පවසන්නේ.

එසේ සිදුවුවහොත් පුරා වසර 43 ක් අක්‍රීයව තිබූ එල්ලුම් ගහ යළිත් ක්‍රියාත්මක වන ඇත.

පාකිස්තාන් ජාතිකයන්

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වුවහොත් එල්ලා මරණු ඇත්තේ බන්ධනාගාරය ඇතුළත සිටිමින් මත්ද්‍රව්‍ය වෙළෙඳාම වෙළඳාමේ නියුක්ත අයයි. මේ අතර කාන්තාවක්ද සිටි. දැනට මත්ද්‍රව්‍ය ජාවාරම් වැරදි හේතුවෙන් මරණීය දණ්ඩනය හිමි දාහත් දෙනෙක් බන්ධනාගාර කොට සිටිති. එයින් සිව් දෙනෙක් පකිස්ථාන ජාතිකයින්ය. පාකිස්තාන් ජාතිකයන් වෙනුවෙන් ඔවුන්ගේ ආණ්ඩුව අභියායචනා ඉදිරිපත් කොට ඇත. මේ අනුව මරණීය දණ්ඩනයට ලක් විය හැකි අය දහතුන් දෙනෙක් සිටිති.

පසුගියදා ජනාධිපති සිරිසේන කෙන්යාවට ගිය අවස්ථාවේදී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තිබෙන සූදානමට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඔහුට විරෝධය පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.