පළාත් සභා මන්ත්‍රීවරු ජනාධිපතිට ටොකු අනිනවා – මහින්ද

mahinda-rajapaksa-aඒකාබද්ධ විපක්ෂය තවම විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් නැති බවත් විශ්වාසභංග යෝජනාව ගෙන ආ දවසට රවී කරුණානායක මහතාට ගෙදරට යාමට සිදු වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ පසුගියදා බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“එක්සත් ජාතික පක්ෂේ උදවිය මේ පොඩි කොල්ලෝ අද, ඊයේ පාර්ලිමේන්තුවට ආපු උදවිය. පළාත් සභා මන්ත්‍රීවරු ඔක්කොම එක්කහු වෙලා ජනාධිපතිට ටොකු අනිනවා. ඉතින් මේවා ඉවසගෙන ඉන්න බැරි වෙනකොට එතුමා බොහොම තරහෙන් මට බනිනවා. මන් අහගෙන හිටියා රූපවාහිනියේ අද උදේ ඊයේ කොහෙදීද කියලා තියෙනවා මම රවී කරුණානායක මහත්තයට සුබ පැතුවා, විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා මේ බැඳුම්කරයට විරුද්ධව, මහ බැංකු මංකොල්ලයට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග යෝජනාවට පස්සේ මම සුභ පැතුවලු.”

“අනේ සිරිසේන මහත්තයෝ. එහෙම එකක් අපි ගෙනාවේ නැහැනේ. ඒකාබද්ධ විපක්ෂය තාම ගෙනල්ලා නැහැ එහෙම එකක්. මේක අමු බොරුවක්නේ. විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා නැහැ මේකට. අපි ලෑස්ති වෙලා ඉන්නවා මොකද අපි බලන්න ඕන වාර්තාව කියවලා බලලා තව හොදට දාන්න ඕනා. ආවට ගියාට දාන විශ්වාසභංග යෝජනා නෙවෙයි. රවී ගෙදරම යන්න විශ්වාසභංග යෝජනාවක් කියන එක අපි කියන්න කැමතියි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.