ප්‍රභා සේයා රූ බෙදුවන්ට නඩු

Lowෆේස්බුක් සමාජ ජාලය තුළ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහ එල්ටීටීඊ සංවිධානයේ නිල ලාංඡනය පළ කර බෙදා හැරීමේ චෝදනා මත අත්අඩංගුවට පත් විදූෂන් විජයකුමාර් සහ දිනේෂ් කුමාර් ට එරෙහිව නඩු පැවරීමට නියමිතය.

රත්නපුරයේ පදිංචිකරුවන් වන මේ තරුණයින් දෙදෙනා ජාතීන් අතර සුහදතාව උල්ලංඝනය කිරීමට ක්‍රියා කිරීම යන චෝදනා මත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති පනත යටතේ චෝදනා වලට මුණ දීමට නියමිතව සිටිති.

පොලීසිය කියා සිටින්නේ අදාළ චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බැවින් සැකකරුවන් ඇප මත මුදා හැරීමට හැකියාවක් නොමැති බවය.

එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් සහ එම සංවිධානයේ නිල ලාංඡනය ඇතුළත් කර ෆේස්බුක් සමාජ ජලයේ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩයක් පළ කිරීම සහ එය බෙදා හැරීමේ චෝදනා මත යන තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ ත්‍රස්ත මර්ධන කාර්යාංශය විසිනි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.