ප්‍රියංකට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හිමි විය යුතුයි

priyanka fernando

බ්‍රිතාන්‍ය අධිකරණයකින් වරදකරු කරනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදා නිලධාරියාට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හිමි බව තමන් විශ්වාස කරන්නේ යැයි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය කියා සිටී.

අධිකරණ නියෝගයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන විදේශ අමාත්‍යංශය පවසන්නේ සිද්ධි දාමය දෙස බලන විට මෙම ක්‍රියාවලිය දේශපාලන අරමුණු සහිතව සිදු කළ එකක් බව තමන්ට පෙනී යන බවයි.

බ්‍රිතාන්‍ය මැතිවරණය ආසන්නව තිබියදී මෙම නියෝගය නිකුත් වීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කොට සිටී. වියානා සම්මුතිය අනුව අදාළ හමුදා නිලධාරියාට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය නොලැබීම ගැන ශ්‍රී ලංකාව සම කනස්සල්ල කළ කොට සිටින අතර කොටි සංවිධාන හිතවාදීන් උසාවියේදී හැසිරුණ ආකාරයද විදේශ අමාත්‍යාංශය නිවේදනය මගින් විවේචනයට ලක්කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.