පානදුර ව්‍යාපාරික කාන්තාව ඝාතනය ගැන ග්‍රේරෝ ගෙන් ඔත්තුවක්

 

 

 

 

 

පානදුරයේ හිරණ කඩකාරියක කඩය ඇතුලේදීම අද අළුයම මරා දමා ඇතැයි පොලීසිය කියයි. ෆාමසිකරුවෙකු සැකපිට සොයන බව පොලීසිය කියයි.

 තියුණු ආයුධයකින් පහර දී  මෙම ව්‍යාපාරික කාන්තාව ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රීයේ එලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාව  45 හැවිරිදිය.

වෙළෙඳසැල වසා නිවසට නොපැමිණීම පිළිබඳව ඇතිවූ සැකය හේතුවෙන් පවුලේ ඥාතීන් කළ පැමිණිල්ලක් මත කළ පරීක්ෂාවකදී වෙළෙඳසැල තුළ තිබී අද අලුයම එම සිරුර සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළේය.

පානදුර හිරණ කඩකාරියක මරා දැමු කඩයේ ඉව ඔස්සේ පොලිස් සුනඛ ග්‍රේරෝ කිලෝමිටරයක් දුර ගොස් ෆාමසියක් ළඟ නතර වූ බව පොලිසිය කියයි.

එහි ෆාමසිකරු මෙම ඝාතනය ගැන වැදගත් තොරතුරු දනිතියි පොලිසිය සැක කරයි

 

අපරාධ 250 ක සැකකරුවන් සොයා දුන් ‘සුනඛ ග්‍රේරෝ’ උපහාරය

අපරාධ 500 ක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී මිනීමැරුම් 12ක් ඇතුළු අපරාධ 250 ක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මුල් වූ ග්‍රේරෝ  උපහාර ලැබුවේය.

ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතිනි.

ඒ අනුව ජීවත්ව සිටිය දීම පොලිස් නිල සුනඛයකු ලබන ප්‍රථම උපහාරය නිල සුනඛ ග්‍රේරෝ ලබා ගැනීමට සමත් විය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.