පානීය ජල අයිතිය වෙනුවෙන් 59 ක් අත්අඩංගුවට

police custodyපානීය ජලය ජනතා අයිතියකි. ඒ හා සම්බන්ධයෙන් කෙරෙන කවර හෝ කටයුත්තක් ජනතාව හා කෙරන කතිකාවකින් තීරණය විය යුතුය. එසේ නොවුණු තැන විරෝධය ඇතිවෙයි. තඹුත්තේගම නගරයේදි පොලිසියේ අණ නොතකා සිදුකළ දැවැන්ත විරෝධතා මේ කතිකාව නොමැතිවීමෙන් ඇතිවූ එකක් දැයි හොයා බැලිය යුතුව ඇත.

රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදු කිරීමට යෝජිතව තිබු පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවිමට තිරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා පවසයි. මෙම යෝජිත ජල යෝජනා ක්‍රමය පිලිබඳව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නියාක මහතා මෙසේ පැවසිය.

‘‘ මෙම ජල යෝජනා ක්‍රමය පුද්ගලික අංශය මගින් සිදු කරන ව්‍යාපෘතියක් නොවෙයි මෙය රජයේ ව්‍යාපෘතියක්.පසුගිය 2011 වසරේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජාතික ජල සම්පාදන මණ්ඩලය වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සිදු කරන ව්‍යාපෘතියක්.

මෙම ව්‍යාපෘතිය රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන තඹුත්තේගම නගරය සහ ඒ අවට පදිංචි පුද්ගලයන්ට පානිය ජලය ලබාදිමේ ව්‍යාපෘතියකි.

මෙම ජල ව්‍යපෘතිය මගින් රාජාංගනය ජලාශයේ වතුර නැතිවෙයි . ගොවිතැනට වතුර හිඟ වෙයි කියලා මේ ගොවි ජනතාව සිතා සිටිනවා . එහෙම වෙන්නේ නැහැ . නියමිත ජල කලමණාකරනයක් අනුවයි මේ ව්‍යාපෘතිය කරන්න සැළසුම් කර තිබෙන්නේ. අනෙක් කාරණය මේ ජල ව්‍යාපෘතිය නිම වෙන්නේ 2021 දි. මේ වන විට සිදු වෙමින් පවතින්නේ මිණුම් කටයුතු පමණයි.

කෙසේ වෙතත් නැවත මේ සම්බන්ධයෙන් සියලු දෙනා එක්ව සාකච්ඡා කර විසදුමක් ලබාගන්නා තෙක් ජල ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර ගෙන තිබෙන ඒ මහතා පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.