පාර්ලිමේන්තුවේ හොරකම් නොකරපු මන්ත්‍රීවරු සිටින්නේ ජවිපෙ පමණයි – හඳුන්නෙත්ති

sunil-handunneththiපාර්ලිමේන්තුව තුල මුදල් හොරකම් නොකරපු මන්ත්‍රීවරු සිටින්නේ ජනතා විමුක්‌ති පෙරමුණේ බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේදී පැවැති ජන හමුවේදී පැවසීය. මෙවර පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන හැම කොට්‌ඨාසයකම පක්ෂ භේදයකින් තොරව ගමේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා විද්වත් කමිටුවක්‌ පත් කොට සංවර්ධන අරමුදලක්‌ පිහිටු වීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණේ දිනන මහා ජන නියෝජිතයාගේ පළමු මාසික දීමනාව සංවර්ධන අරමුදලට බැර කිරීමට දිවුරුම් දී සහතික වී ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියි.

තව දුරටත් අදහස් දක්වමින් “මම එක දෙයක්‌ කියන්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයට වඩා මම දුප්පත්. රවි කරුණානායක මහත්තයට වඩා මම දුප්පත්. සුජීව සේනසිංහ මන්ත්‍රීතුමාට වඩා මම දුප්පත්. හැබැයි මම දන්නවා රවි කරුණානායකගේ මිල මෙච්චරයි කියලා. මට කියන්න පුළුවන් බැඳුම්කර වංචාවට එයාලා හොරු වෙලා ඉන්නේ ඒ නිසා කෝටි ගණන කියන්න පුළුවන්. විකිණිච්ච ගාණ සුජීව සේනසිංහගේ ගණන මෙච්චරයි කියලා. මම අහනවා හඳුන්නෙත්තිගේ ගාණ කියද කියලා. කාට හරි කියන්න පුළුවන්ද පාර්ලිමේන්තුවේ හඳුන්නෙත්තිගේ වටිනාකම මෙච්චරයි කියලා. අනුර කුමාරගේ මිල මෙච්චරයි කියලා කියන්න පුළුවන්ද? අනිත් අයට දැන් ලන්සු තියලා තියෙන්නේ. කෝටි මෙච්චරයි අර ගත්තු ගාණ මෙච්චරයි කියලා. අපේ ගාණ කීයද කියන්නේ කියන්න බෑ. අමිලයි. අපි හොරකම් කරලා නෑ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්නෙ සල්ලිවලට විකිණිච්ච නැති මන්ත්‍රීවරු හය දෙනයි. ඒ ජනතා විමුක්‌ති පෙරමුණේ හය දෙනා විතරයි.” යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.