පාර්ලිමේන්තුව ගැන මාධ්‍ය කියන්නේ බොරු – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්

sudarshana gunawardanaමැයි මස 08 වෙනිදා ආරම්භ කිරීමට නියමිත පාර්ලිමේන්තු නව සැසිවාරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කිරීමට නියමිත රාජාසන කතාව අවසාන වූ පසු පැවැත්වෙන ඡන්ද විමසීමකදී එය පරාජය වුවහොත්, ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවට සමහර ජනමාධ්‍යයන්හි පළවූ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය, පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ඒවා බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසා සිටින්නේ  

‘පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී රාජ්‍ය නායකයා විසින් රජයේ ප්‍රතිපත්ති පිළිබඳව රාජාසන කතාවක් පැවැත්වීම බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ පවතින්නකි. වර්තමානයෙහි ක්‍රියාත්මක වන දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ රාජාසන කථාවක් පිළිබඳ ප්‍රතිපාදන අඩංගුව නොමැත.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී රාජ්‍ය නායකයා විසින් රාජාසන කථාවක් පැවැත්වීම වර්තමානයෙහි සම්ප්‍රදායයක් පමනකි. එම රාජසන කථාව පිළිබඳ විවාදය ආණ්ඩුවේ හෝ කැබිනට් මණ්ඩලයේ පැවැත්ම කෙරෙහි කිසිසේත් බලපාන්නේ නැත.’ යනුවෙනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.