
උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිවරයා පවසයි. මීට පෙර ඇමති අකිල විරාජ් කාරියවසම් පාසැල් සිසුන්ට සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ විට ජනාධිපතිවරයා ඊට එකඟ නොවීය. දැන් මේ නිවේදනයක් සමගම ගිනි පුපුර ඇති බව පෙනෙන්නට තිබේ.
විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය විෂයමාලා කරුණු හැර මෙම ටැබ් පරිගණක මඟින් වෙනත් අන්තර්ජාල අවකාශයනට ප්රවේශවීම වැළැක්විය යුතු බව ද ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.
අධ්‍යාපන කටයුතුවලින් පරිභාහිරව වෙනත් කටයුතුවලට ප්රවේශවීමේ හැකියාව වළක්වමින් මෙම ටැබ් පරිගණක සිසුන්ට ලබා දීමට පියවර ගන්නා බව ඒ අනුව කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
මේ වන විට පාසැල් සිසුන් සඳහා නිර්මාණය කොට ඇති අන්තර්ගතය සීමිතය මෙවැනි තත්වයක් යටතේ ය සීමිත ප්‍රවේශයක් සහිත ව ටැබ් ලබාදීම ඵලදායි දැන් ප්‍රශ්නේ. ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ පාසල් සිසුන්ගේ පරිගණක සාක්ෂරතාවය වැඩි දියුණු කොට තැන්පත් කිරීම මිස ඔවුන්ගේ ප්‍රවේශය සීමා කිරීම නොවන බව ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත් ජනාධිපතිවරයා දරන්නේ ඊට වෙනත් අදහසකි.
පාසල් දරුවන්ට නව තාක්ෂණය සමඟ දැනුම ලබා දීම අත්‍යවශ්‍ය වුවත් දරුවන්ගේ විනය සහ මානසික තත්ත්වයට සුදුසු ආකාරයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමාගේ අදහස යි.