පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ මෛත්‍රී – රංගේ බණ්ඩාර

සේනා විධායකයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රශ්නකිරීමට අත්අඩංගුවට ගැනීමට දැන් කිසිදු බාධාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයට මූලික වගකිවයුත්තාවන හිටපු ජනාධිපතිවරයා කිසිදු හැලහොල්මනක් නොමැතිව නිදහසේ පැජට් පාරේ කෝටි 08ක නිවසට වී සුවසේ ජීවත්වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. මෙය මෛත්‍රිපාල සිරිසේන විසින් ගත් බිලි පූජාවක් බවයි රංග බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

සිංගප්පූරුවට වී තමන්ට සුවපහසු අවස්ථාවේදී ආපසු රටට පැමිණීමට හිටපු ජනාධිපතිවරයා කළ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා පැවසූයේ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු කාරක සභාවට අසත්‍ය ප්‍රකාශ කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.