පාස්‌කු බෝම්බ : විජයදාසගේ ඇඟිල්ල ව්‍යවස්ථාදායක සභාවට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී රංගේ බණ්ඩාර කියා සිටියදී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා තම චෝදනාවේ දබර ඇඟිල්ල යොමු කළේ කාරක සභාව දෙසටයි.

ඔහුගේ උපකල්පනය අපූරු එකකි. එනම් වෙනත් පොලිස්පතිවරයෙකු සිටියා නම් මෙම ප්‍රහාරය සිදු නොවේ. එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. එම්. වික්‍රමසිංහ මහතා පොලිස්‌පති ධුරයට පත්වූයේ නම් එම මිනිස්‌ ඝාතන සිදු නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

දීපාස්‌කු බෝම්බ ප්‍රහාරයෙන් සිදුවූ මිනිස්‌ ඝාතනවලට මූලිකවම වගකිව යුත්තේ පූජිත් ජයසුන්දර පොලිස්‌පති ධුරයට පත් කරනු ලැබූ ව්‍යවස්‌ථාදායක සභාව යෑයි මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී (24 දා) පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.