පැරණි මෝටර් රථ පෙලපාලිය යාපනයට

old-carsකොළඹ සිට යාපනය දක්වා සංවිධානය කොට තිබූ පැරණි මෝටර් රථ ප්‍රදර්ශන පෙළපාලිය  යාපනයට ළගා වී තිබේ. යාපනයට පැමිණි මෙම පැරණි මෝටර් රථ පෙළපාලිය පිළිගන්නා ලද්දේ උතුරු ප්‍රදේශය බාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා විසිනි.

මෙම ප්‍රදර්ශන පෙළපාලියට පැරණි මෝටර් රථ 18 ක් හා යතුරු පැදි දෙකක් ඇතුළත් වූ අතර කොළඹ අනුරාධපුරය හරහා පැමිණි මෙම ප්‍රදර්ශන රථ යාපනය කොටුව අසලදී මහජන ප්‍රදර්ශනය සඳහා නතර කරණ ලදී.

ශ්‍රී ලංකාවේ පැරණි මෝටර් රථ හිමියන්ගේ සංගමයට වසර 30 ක් පිරීම නිමිත්තෙන් මෙම ප්‍රදර්ශන රථ පෙළපාලිය සංවිධානය කළ බව එම සංගමයේ සභාපති කාලිංග ගිණිගේ මහතා පැවසීය.

වඩාත් ඉපැරණි මෝටර් රථ කාලයක්ම යාපනයේ තිබීම නිසා පැරණි මෝටර් රථ පෙලපාලිය යාපනය දක්වා ගමන් කරවීමට සංවිධායකයෝ තීරණය කොට තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ පැරණි මෝටර් රථ 400 ක් පමණ ඇති බව සඳහන් කරණ එම සංගමය ඉන් බොහොමයක් ඉතා දුර ධාවනය කරවීමට හැකියාවක් නොමැත්තේ එම වාහන අළුත්වැඩියා කිරීමට අවශ්‍ය අමතර කොටස් නොමැතිකම නිසා බවද කියා සිටියි.

කොළඹ සිට යාපනයට පැමිණි පැරණි මෝටර් රථ පෙලපාලියට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක් සපයා දී තිබුණු අතර යාපනයට එම පෙලපාලිය පැමිණීමෙන් පසුව පැරණි වාහන දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.cars

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.