
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම පවසන්නේ ශක්තිමත් පරිපාලන ව්‍යූහයක් වෙනුවෙන් පිරිවෙන් අංශය දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කිරීමට අවශ්‍ය නිර්දේශ තමා වෙත ලබාදෙන ලෙස ලෙසයි. එය ඔහු පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයට යෝජනා කොට තිබේ.
මෙතෙක් ක්‍රියාවට නැංවීමට නොහැකිව තිබූ පරිවේණාචාර්ය පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර අධ්‍යාපන ඇමැතිවරයාගේ අවධානයට ලක් ව තිබූ අතර, එම පත්වීම් කෙටි කාලයක් තුළ ලබාදීමට ද පියවර ගෙන තිබේ.
මෙරට සහ ජාත්‍යන්තරයේ සිටින සිංහල නොවන බෞද්ධයන් වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපනයට කාර්යභාරයක් පවතින බව ද, එමෙන්ම නූතන තාක්ෂණයෙන් සන්නද්ධව සිටින ලෝක ප්‍රජාවට බුදු දහමේ අසිරිමත් පණිවුඩය සම්ප්‍රේෂණය කිරීමද පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්රයේ වගකීමක් බව ද අමාත්‍යවරයා පැවසීය.