
ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච් සී පී බෙල් මහතාගේ මුනුපුරු කෙනත් බෙල් පූජකතුමන් ගේ හිතට වද දුන් ප්‍රශ්නයක් පසුගියදා නිරාකරණය විය. තමන්ගේ සීයා ලංකාවෙන් ගෙනා බුදු පිළිමය බෞද්ධයන්ට බොහෝ අගනා වස්තුවක් බව ඔහුට නිරන්තරයෙන්ම මතක් විය. ශ්‍රී ලංකාවට පැමිණ තමන්ගේ දෑතින් මේ කුඩා සමාධි බුදු පිළිමය යළිත් දළදා මාළිගාවේ තැන්පත් කිරීමට ඔහුට අවශ්‍ය විය.
තමන්ගේ බිරිඳ හා දියණිය සමඟ මහනුවරට පැමිණි බෙල් පූජකතුමා මහනුවර යුගයට අයත් කැටයම්වලින් අලංකෘත මිල කළ නොහැකි මේ බුදු පිළිමය දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග බව බණ්ඩාර වෙත භාර දුන්නේය.
එම බුදු පිළිමය මෙරට භික්ෂූන් වහන්සේ නමක් විසින් ඒ මහතාට ලබා දී තිබෙන්නේ 1890-1912 අතර කාලයේ හෙතෙම මෙරට පුරා විද්‍යා කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ සමයේදීය.
බෙල් මහතා පුරාවස්තු එකතු කර ආරක්ෂා කිරීමට පියවර ගත් කීර්තිමත් පුද්ගලයෙකි. සෙන්ටි මීටර 12ක පළලින් යුත් එම දැව මුවා බුද්ධ ප්‍රතිමාවේ උස සෙන්ටි මීටර 22කි. බෙල් මහතා ඉතා සුරක්ෂිතව තබාගත් එම පුරාවස්තූ පසුකාලීනව ඒවාහි ආරක්ෂාව තහවුරු වන බව විශ්වාස කළ හැකි මුල් ස්ථානවලට ලබාදීමට ඔහුගේ දරුවන් හා මුනුපුරන් කටයුතු කර තිබේ.