පොලිස්පති පූජිතට පුත්‍රයාගේ විවාහ උත්සවයට සහභාගි වෙන්න අවසරද?

රිමාන්ඩ් බාරයට පත් කර සිටින අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ පුත්‍රයාගේ විවාහ උත්සවයට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙස කරන ලද ඉල්ලීමක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බව කොළඹ මහාධිකරණය අද නියම කලා.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මිනී මැරීම සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රක්ෂිත බන්දනාගාර කර සිටින අතර තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ ඇප අයැදුම්පතක් අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

පුත්‍රයාගේ විවාහ උත්සවය

එහිදී පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයාගේ පුත්‍රයාගේ විවාහ උත්සවය ජනවාරි මස 02 වන දා පෙරවරු 6.30 ට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව ඇති බවත් ඊට අනුබද්ධ උත්සවයක් එදිනම සවස 7 ට මීගමුවේදී පැවැත්වීමට නියමිතව තිබෙන බවත් එම උත්සවයට සහභාගි වීම සඳහා තම සේවාදායකයාට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන මෙන්ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර තිබෙනවා.

එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන් විනිසුරු පටබැඳිගේ මහතා එම ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බවද විවෘත අධිකරණයේ නියම කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.