පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට නම් පහක් – දිනේෂ් ඒ අතර

Dinesh Gunawardena

ජනාධිපතිවරණය සඳහා අගෝස්තු මස එකොළොස් වැනි දාට පෙර නමක් තෝරාගැනීම ක්‍රමයෙන් දුෂ්කර කටයුත්තක් බවට පත්වෙමින් පවතී.

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට පීඩනයත් සමග කවුද යන ප්‍රශ්නය මතු වී ඇත

පොදුජන එක්සත් පෙරමුණේ රංජිත් සොයිසා මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මේ වන විට කමිටුවකින් නම් පහක් ඉදිරිපත් කොට ඇති ඒ අතරේ රාජපක්ෂක කෙනෙකු ද සිටිය හැකි බව ඔහු කියා සිටී.

රාජපක්ෂ පවුලට බැහැරින් එන නම් අතරේ ඉදිරියෙන්ම සිටින නමක් වන්නේ දිනේෂ් ගුණවර්ධන ගේ නමයි.

මීළඟට පත්වෙන ජනාධිපතිවරයාට විධායක බලතල නොමැති හෙයින් කාගේත් පිළිගැනීම අපේක්ෂකයෙක් ඒ සඳහා නම් කොට පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ ට වැඩි බලතල තිබෙන අගමැති පදවිය ලබා ගැනීමට කටයුතු කිරීම බවයි දිනේෂ් ගුණවර්ධන ගේ නම යෝජනා කරන පිරිස පෙන්වා දෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ පිලේ සහයෝගය මෙන්ම බැසිල් රාජපක්ෂ ගේ පිළේ සහයෝගයක් දිනේෂ් ගුණවර්ධන ලබාගත හැකිවීම තවත් වාසියකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.