පොහොට්ටුවේ ලැයිස්තු සූදානම්

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අලුත් පක්ෂයක් ආරම්භ කළහොත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය හැරගියා සේ සලකා පක්ෂයෙන් ඉවත් කරන බව ශ්‍රීලනිපයේ මහ ලේකම් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික ලැයිස්තුව සැකසීමද බොහෝදුරට හමාර වී ඇති නමුත් එහි තොරතුරු රහසිගතව තබාගෙන තිබේ.

දේශය පුවත්පත සඳහන් කරන ආකාරයට තහවුරු නොකළ ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික ලැයිස්තුව සඳහා මහාචාර්ය ජී.එල්. පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, ජනාධිපති නීතිඥ අලිසබ්‍රි, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ගෙවිඳු කුමාරණතුංග, විමල් ගීගනගේ ආදීන්ගේ නම් යෝජනා වී තිබේ. එසේම වියත්මග සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකු ශ්‍රීලනිපයෙන් නම්කරන දෙදෙනකු සහ සුළු පක්ෂවලට මන්ත්‍රී ධුර හතරක් ආදී වශයෙන් ජාතික ලැයිස්තුව පිළියෙළ කෙරෙනු ඇතැයි සඳහන්ය. මෙයට අමතරව අවසන් ඡන්ද ප්‍රතිඵලය අනුව පත්වන නිශ්චිත ජාතික ලැයිස්තු මන්ත්‍රී ගණන ප්‍රකාශ වූ වහාම ඇතිවන පුරප්පාඩු සඳහා පොරොත්තු ලේඛනයක්ද සකස්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.