පොහොට්ටුව ආණ්ඩු බලයේ රස බලන්න සූදානම්

mahinda-rajapaksaදිවයිනේ පළාත් ගණනාවක් දීම පොහොට්ටුව විශිෂ්ට ජයක් ලබමින් සිටින බව මේ වනවිට වාර්තා වෙමින් පවති.එක්සත් ජාතික ප් පක්ෂය බලාපොරොත්තු රහිත පසු බැසීමකට ලක් ව තිබෙන අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බොහෝ තැන් වල ලබාගෙන ඇත්තේ ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයකි.

මේ තත්ත්වය යටතේ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස නව ආණ්ඩුවක් පිහිටුවීමට සියලු උත්සාහ ගනු ඇතැයි දේශපාලන විචාරකයන් පවසති.

සැබෑ ජනමමතයක් නැතිව හුදෙක් විධායක බල බලතල ලැබූ පමණින් එය ක්‍රියාවට නැංවීමට උත්සාහ දැරීම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
මේ තත්වය යටතේ පවතින ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම් සමඟ යම්කිසි සංවාදයකට යෑම අනිවාර්ය වනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.