පොහොර හිඟයට හේතුව පකිස්ථානය – දයාසිරි

 

Dayasiri Jayasekaraමෙක්.ටොන් 40000ක පොහොර තොගයක් ශ්‍රී ලංකාවට ලැබෙන බව දයාසිරි ජයසේකර අමත්‍යවරයා කියා සිටි. එම පොහොර තොග වරායේ සිට දිවයිනේ පොහොර අවශ්‍ය ප්‍රදේශ කරා ලොරි රථ 200ක් මඟින් ප්‍රවාහනය කරන බවද අමත්‍යවරයා කීය.

පාකිස්ථානයෙන් පොහොර ලබාගැනීමේ දී යන් ප්‍රමාදයක් සිදු වූ බවත් එයට හේතුව එරට විසින් පොහොර අපනයනට තහංචි පනවා තිබීමත්ය. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා එරට අග්‍රාමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡවකින් අනතුරුව මෙරටට පොහොර ලබාදීමට කටයුතු කළ බවත් ඒ අනුව පොහොර තොග ලැබෙන බවත් සඳහන් කළේ ය.

මෙහිදී අඳහස් දැක් වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ, පොහොර ලබාගැනීමට ලබාදුන් සහනාධාර මුදල්වල කිසිදු හිඟයක් ඇති වී නොමැති බවත්, පොහොර හිඟයක් පමණක් තිබූ බවත් ය. ඒ අනුව ඉදිරියේ දී පොහොර හිඟය මඟ හැරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.