පෝලියර් ඔබට සුබ ගමන්

ගුරු විදුහල්පති අයිතීන් මෙන්ම නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීම වෙනුවෙන් අඛණ්ඩ අරගලයක නිරත වූ ගුරු නායකයෙකු වූ ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ලේකම් පෝලියර් ගුණවර්ධන මහතා පසුගිය 02දා අභාවප්‍රාප්ත විය. සමාජවාදී ජනතා සංගමයේ සටන්කාමී ක්‍රියාධරයකු වූ ඔහු කිසි දවසක වාමවාදී සගයිනි පාවා දුන්නේ නැත.

මිය යන විට 74 වැනි වියේ පසු වූ පෝලියර් ගුණවර්ධන මහතා මෙරට ගුරු-විදුහල්පති සේවාවන් දිනා ගැනීමේ අරගලයේ දී සුවිශේෂ කාර්ය භාරයක නිරත වූ අයෙකි.

පෝලියර් ගුණවර්ධන මහතාගේ දේහය හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ තබා ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 05 වැනි ඉරිදා සවස 5 ට හබරකඩ ආදාහනාගාරයේ දී සිදුකිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.