ප‍්‍රගීත් අතුරුදන් කිරීමේ නඩුවට බලපෑම් – සන්ධ්‍යා එක්නැලිගොඩ

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරිමට ඉඩ නොදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සන්ධ්‍යා එක්නැලිගොඩ පැවසීය.

සන්ධ්‍යා එක්නැලිගොඩ මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ඔහු ලංකාඊනිවුස් වෙබ් අඩවියට සම්පාදනය කල ලිපියක් සම්බන්ධ බව ඇතමුන් අදහස් දක්වන්නීය. මේ ලිපියෙන් විවේචනය වූ දේශපාලඥ චම්පික රණවක බව ඇතැමුන් පවසති. ජාතික පුස්තකාල ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ  පැවති මාධ්‍ය හමුවක ඇය මෙසේ කීවාය.

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු විභාගයේ සත්‍ය දැනගැනීමේ අයිතිය තමන්ට මෙන්ම රටේ ජනතාවට ඇති බැවින් ඒ සඳහා අවස්ථාව ලබාදීම රජයේ වගකීම බවත් සන්ධ්‍යා එක්නැලිගොඩ සඳහන් කර තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධ්‍යා එක්නැලිගොඩ මෙසේ ද සඳහන් කර තිබේ.

‘ප්‍රගීත්ව පැහැරගත් බව‍ට හෙළිවී ඇති කණ්ඩාමට එරෙහිව හෝමාගම සහ කොළඹ ස්ථිර ත‍්‍රිපුද්ගල අධිකරණයේ නඩු ගොනු කරලා තියෙනවා. මටත් ප‍්‍රගීත්ටත් මඩ ගහන එකත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමටත් එම කණ්ඩායම යළි ආරම්භ කර තිබෙනවා. මේ වනවිට තියෙන සාක්ෂි විනාශ කරලා සාක්ෂිකරුවන් බිය ගන්වලා ඒ මත මේ නඩුව අවුල් කිරීමේ උත්සාහයක් තියෙනවා.

ඒ අයට පාඨලී චම්පික රණවකත් එක්ක දේශපාලන ප‍්‍රශ්නයක් තියෙනවා නම් ඔහුත් එක්ක ඒ දේවල් විසඳගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ප‍්‍රගීත්ගේ අතුරුදන්වීම සහ මේ නඩුත් එක්ක පාඨලීව සම්බන්ධ කරන්න එපා මොකද ප‍්‍රගීත්ව පැහැරගැනීම මෙහෙය වූයේ කවුද කියා අද මේ රටම දන්නවා. මේ වනවිට හෙළි නොවූ සත්‍යයත් ඒකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.