බදුර්දීන්ට යළිත් ඇමති පදවිය?

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ රහස් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවෙන් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා නිදොස් කර ඇති හෙයින් පාර්ලිමේන්තුවද ඒ වාර්තාව පදනම් කර ගනිමින් ක්‍රියා කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලය කින්නයාහිදී අද(14) පැවසීය.

මෙය රිෂාද් බදුර්දින් ඇමැතිවරයාට යළිත් ඇමති පදවිය ලබා දෙන බවට කෙරෙන ඉඟියක් විය හැකි බවයි දේශපාලන විචාරකයෝ පවසන්නේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට යළිත් ඇමතිකම ලබා දෙන්නේ නම් තමන් යළිත් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවයි.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට චෝදනා 300ක් පමණ එල්ල වී තිබුණද එම චෝදනා හා බහුතරය කිසිදු පදනමක් නොමැති බවත් සමහර චෝදනා විභාග කර බැලුවත් පැමිණිලි කරන්නට කිසිවක් නොමැති බවත් රහස් පොලිස් වාර්තාවෙන් දැනුම් දී ඇතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

පක්ෂ තීරණය අනුව යළි අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාද් බදියුදීන් මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.