බදූර්දීන් එහාට ද මෙහාට ද කොහාටද?

Rishad Bathiudeen

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවන නව සන්ධානය සඳහා හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් තවමත් එකඟතාව පළ කර නැතැයි දේශපාලන ආරංචි පවසනවා.

කෙසේවෙතත්, හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, වෛද්‍ය රාජිත සේනාරත්න, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ පීි. දිගම්බරම් නියෝජනය කරන පක්ෂ හා කණ්ඩායම් මේ වනවිටත් මෙම නව සන්ධානය සඳහා සහය පළ කර ඇති නමුත් රිෂාද් බදුර්දින් සහ පිරිස තවමත් සිටින්නේ අතීරණයේ ය.

නව සන්ධානය සම්බන්ධයෙන් භාවිතා කළ යුතු ලකුණු සම්බන්ධයෙන්ද තාමත් තීරණයක් නැත.

අලියා මෙන්ම හංස අද ගැලපෙන්නෙ නැති බවයි ඇතැමුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් අලියා වෙනුවෙන් සටන් කළ පිරිස තාමත් තව සටන අත්හැර නොමැත.

නව සන්ධානයේ මහ ලේකම්වරයා වශයෙන් රංජිත් මද්දුම බණ්ඩාරගේ නම සම්බන්ධයෙන් දැන් එකඟතාවයක් ඇති වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.