බය නැතුව නත්තල් පූජාවට පල්ලි යන්න

මුළු දිවයිනම ආවරණය වන පරිදි උත්සව සමයේ විශේෂ සැලැස්මක් යටතේ ආරක්ෂාව තර කිරිමට ත්‍රිවිධ හමුදා සහ පොලිසිය පියවර ගෙන තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේය.

ඒ යටතේ කතෝලික ප්‍රජාව විශාල වශයෙන් සිටින ප්‍රදේශ ආවරණයවන පරිදි ජනතාවගේ ආරක්ෂාව සහතික කිරිම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනිමට අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මේ වන විටත් ජනතාවගේ ආරක්ෂාව තර කිරිම සඳහා අතිරේක භට පිරිස් යෙදවිමට කටයුතු කර ඇති බවට සඳහන්. නත්තල් දිව්‍ය පූජා මෙහෙය සඳහා සහභාගි වන බැතිමතුන් හට ආරක්ෂාව ලබා දීමේ වැදගත්කම කාදිනල් මැල්කම් රංජිත් විසින් පසුගියදා අවධාරණය කොට තිබිණ.

රාත්‍රී නත්තල් පූජාවට යායුතුද එසේත් නැත්නම් පසුගියදා උදෑසන නත්තල් පූජාවට යා යුතුද යන්න පිළිබඳව බොහෝ කතෝලික නගර කුකුසක් ඇති වී තිබේ. ත්‍රස්තවාදයට ජයගැනීමට ඉර නොදීම සඳහා සුපුරුදු පරිදි සාම්ප්‍රදායික මෙහිදී අම්මා නත්තල් දිව්‍ය පූජාවසහභාගී වන බව වත්තල කිංස්ලි රාජසූරිය අප වෙබ් අඩවියට පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.