
ඉදිරියෙන් එන වාහනය තමන්ගේ වාහනය ඇවිත් ගැටෙතැයි යන බිය සමන් කාර් එළවීම අත්හැර දැමූ බව මැතිවරණ කොමසාරිස් දේශප්‍රිය පවසයි. මැතිවරණ කොමසාරිස්වරයා බියපත් කරන තවත් කොට්ඨාශයක් නම් බල්ලන් ය.
“බල්ලොන්ටත් මම අප්රාමාණ බයයි. එක සැරයක් බල්ලෙක් කාලා බුරිය වටේ ඉන්ජෙක්ෂන් විසි එකක් විදලා තියෙන්නේ. ”
නිතර කතා බහට ලක්වන චරිතයක් වන මැතිවරණ කොමසාරිස්වරයා සතිඅන්ත පුවත්පතකට ඔහුගේ රුචි අරුචිකම් ප්‍රකාශයට පත් කොට ඇත. මැතිවරණ කොමසාරිස්වරයාට බාර එලවීමට බැරි හෙයින් ඔහුට දැන් හැදිය හැක්කේ බයිසිකලයක් පමණි. ඔහු බොහෝ දේ කියා ඇතත් විශ්වවිද්‍යාල ජීවිතය තුළ බෙලෙක් යන කාඩ් එක වැදුණෙ කාට දැයි ඔහු හෙළිදරව් කොට නැත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙන ගත් දේශප්‍රිය වැඩිම කාලයක් ගතකොට ඇත්තේ කලා පීඨයේ සිසුන් සමඟ කදේ දාගෙන සිටීමටත් දේශපාලනය කිරීමටත්ය. අදත් අඩි සහිත සාද වලට මෙන්ම අඩිපුඩිරහිත සාදවලට සම මනාපයකින් යුතුව තමන්ට සහභාගී හැකි බව ඔහු කියා සිටී.
සීයා කෙනෙක් වෙන මැතිවරණ කොමසාරිස් ඇසෙන්නට සූදානමක් තිබෙන බව වාර්තා වී ඇතත් එය යථාර්ථයක් වීමට තිබෙන ඉඩකඩ අඩු බව දන්නෝ දනිති.