බහුතර බලයක් නැති පළාත් පාලන ආයතන අවුල්ය

hambantotaපළාත් පාලන මැතිවරණයේ දී කිසියම් පක්ෂයකයට බහුතර බලයක් හිමි නොවූ පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතු වී ඇති බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ පවසති. විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිඵලය අනුව පක්ෂ කිහිපයක් අතර ජන්ද බෙදීයාම හා නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය හේතුවෙන් කුඩා පක්ෂවලට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිවීම මේ තත්වයට හේතු වී තිබේ.

යම් ප්‍රාදේශීය සභාවක, නගර සභාවක හෝ මහ නගර සභාවක මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් අඩකට වඩා ලබාගැනීමට කිසියම් පක්ෂයක් සමත් වුවහොත් ප්‍රාදේශීය සභාවේ සභාපති හෝ නගරාධිපති වැනි තනතුරු සඳහා පුද්ගලයන් නම් කිරීමේ බලය අදාළ පක්ෂයේ ලේකම්වරයාට හිමිවේ.

එසේ බහුතර බලයක් නොමැති නම්, අදාළ පළාත් පාලන ආයතනයේ ප්‍රධානී තනතුර හිමිවන්නේ එහි මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනා කැමැත්තක් දක්වන මන්ත්‍රීවරයාට හෝ මන්ත්‍රීවරියටය.

හම්බන්තොට නගර සභාව

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළත් හම්බන්තොට නගර සභාවේ බලය කාටද?
එහෙත් මැතිවරණයේදී පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ බොහෝ පක්ෂවලට බහුතර මන්ත්‍රී බලයක් නොමැතිවීම හේතුවෙන් එම ආයතනයේ බලය ලබාගැනීම පිණිස අනිකුත් පක්ෂ සමග සන්ධාන ගතවීමට සිදු වී තිබේ.

එසේ නොමැතිනම් තේරී පත්වුණු සෙසු පක්ෂවල හා ස්වාධින කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් එක්ව වැඩි මන්ත්‍රී සංඛ්‍යාව දිනාගත් පක්ෂය විපක්ෂයට දමමින් අදාළ ආයතනයේ බලය ලබාගැනීමට හැකියාව තිබේ.

උදාහරණයක් හම්බන්තොට නගර සභාවේ ආසන 9ක් දිනාගනිමින් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය සමත් වුවත්, එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව එහි බලය පිහිටුවන බව ප්‍රකාශ කර තිබේ.

එය අදාළ පක්ෂවල ඉහළ මට්ටමින් ගනු ලැබූ තීරණයක් නොව නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ තීරණයක් බව එම මන්ත්‍රීවරු ජනමාධ්‍ය වෙත පවසා තිබුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.