බ්‍රිගේඩියර් ප්‍රියංක නඩුව දෙසැම්බරයට

priyanka fernando

ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහිව ලන්ඩනයේ වෙස්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිෂ්ප‍්‍රභ කර තිබු නඩුව විභාගයට ගැනීම ලබන දෙසැම්බර් 6 වැනිදා තෙක් කල් දැමීමට එම අධිකරණය තීන්දු කර ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නඩුව වෙස්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණයේ හමුවේ ඊයේ (19) කැඳවූ අතර එහිදී නඩුවට අදාළ ලිපිගොනුවල අඩුපාඩුවක් පැවතීම හේතුවෙන් විභාගයට ගැනීම කල් දැමීමට වෙස්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණයේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් එමා අර්බත් නෝට් තීන්දු කර ඇත.

බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එම අධිකරණයෙන් මීට පෙර නිකුත් කළ වරෙන්තුව ද අවලංගු කිරීමට ද මහේස්ත‍්‍රාත්වරිය තීන්දු කර ඇතැයි ද තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

නඩුව පෙරේදා කැඳවූ අවස්ථාවේදී වෙස්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරා ප‍්‍රජාව විසින් එල්.ටී.ටී.ඊ ධජ සහිතව විරෝධතාවයක් ද පවත්වා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ‍්‍රයේ 2018 වසරේ නිදහස් දින උළෙලේදී එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට ගෙළ සිඳ දමන ආකාරය දනවන අභිනයක් කළැයි කියන සිද්ධියකට අදාළව එවකට එහි ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව මජුරාන් සතානන්දන් නැමැත්තා එම නඩුව ගොනු කළ කළේය.

මීට පෙර මෙම නඩුවට අදාළව වෙස්ට්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය පසුගිය ජනවාරි මස 21 වන දින බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අතර පසුව එය පෙබරවාරි 1 වැනිදා ඉල්ලා අස්කර ගන්නා ලදී.

නඩුව යළිත් කැඳවීමට

එක්සත් රාජධානියේ මහජන සාමය සුරැකීමට අදාළ පනත උල්ලංඝණය කිරීම යටතේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතා වරදකරු ලබාදෙන ලද නියෝගයද මාර්තු මස 15 වැනිදා වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කළේය.

නමුත් වගඋත්තරකරු නියෝජනයකින් තොරව වැරදිකරු බවට නිගමනය කර, අසාධාරණ ක‍්‍රියාදාමයකට තුඩු දුන් වැරදි හෝ දෝෂ මාලාවක්” හුවා දක්වමින්, එරට 1980 මහේස්ත‍්‍රාත් අධිකරණ පනතේ 142 වන ඡේදය යටතේ නඩුව යළිත් කැඳවීමට පියවර ගනු ලැබිණි.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කළ බි‍්‍රගේඩියර් ප‍්‍රනාන්දු මහතා රාජතාන්ත‍්‍රික නිලධාරියකු ලෙස, 1961 රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පිළිබඳ වියනා සම්මුතියේ විධි විධාන ප‍්‍රකාරව, රාජ්‍යතාන්ත‍්‍රික මුක්තියට හිමිකම් ලබන බවට ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ ස්ථාවර යැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය මීට පෙර සඳහන් කළේය.

ඒ අනුව අනෝන්‍යය වූ මෙම බැඳීම ප‍්‍රකාර සිය වගකීම් ඉටු කරන ලෙස එක්සත් රාජධානි රජයෙන් ඉල්ලා ඇතැයි ද එම අමාත්‍යාංශය කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.